සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම ..... 😀😀😀
අදත් කියලා Tricks Hacker අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ පහු ගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කරපු VPN ගැන.
ඇත්තටම අපි අද කියලා දෙන්න යන්නේ මේක මොකද්ද ? මේකෙන් වෙන දේ මොකද්ද කියලා.
මුලින්ම බලමු VPN කියන්නෙ මොක්ද්ද කියලා.
Virtual Private Network කියන වචනයෙන් තමයි VPN කියන එක හැදිලා තියෙන්නෙ.මේකේ සිංහල තේරුම තමයි අතත්‍ය පුද්ගල ජාල කියන එක
කොහොම උනත් මේකේ අරමුණ තමයි අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන එක 😀😀😀😀
ඇත්තටම මේකෙන් වෙන්නෙ උඩ කියුවා වගේ ඉන්ටර්නෙට් එකට එන කෙනෙක්ට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීමයි.මේකෙන් අපිට වෙන ප්‍රයෝජන තමයි,
පුද්ගලයාහට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීම.
අදාල පුද්ගලයාගෙ අනන්‍යතාවය ආරක්ෂිත කිරීම
බොහෝ සයිබර් ප්‍රහාර වලින් සිදුවන හානිය මගහරවා ගැනීමට.
මේ VPN වල අවශයතාවය ගොඩක් දැනෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන් ආඥාදායකයින් ඉන්න රටවල සිටින ජනතාව දේශ ප්‍රේමින් තමන්ගෙ රටේ තත්වය ලෝකයාට කියන්නත් මේ VPN උදව් වෙනවා.
නොකියම බෑනෙ අපේ රටේ Freelancer ලා තමන්ගෙ රට USA කියලා පෙන්නත් මේක භාවිතා කරනවා
ඒ වගේම තමන්ගෙ රටට ප්‍රදේශයට තහනම් කරපු වෙබ් අඩවි වලට යන්න,Youtube වැනි සයිට් වලතියෙන සමහර වීඩියෝස් බලන්නත් VPN පිහිට අවශය වෙනවා.
මේ සේවාව ලබාදෙන බොහෝ ආයතන තියෙනවා මම පහලින් දාන්නම් උදාහරණ.
OpenVPN,Hotspot Sheild,CyberGhost,Anonymous
වගේ ආයතන මෙම සේවාව ලබා දෙනවා.
VPN භාවිතා කරන්න අපිට ඕනවෙනවා අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුලුවන් උපකරණයක් සහ VPN සොෆ්ට්වෙයා එකක් සොෆ්ට්වෙයා කියුවෙ උඩ කිවුවා වගේ Hotspotshid වගේ එකක් උපකරණ කියුවෙ PC,Laptop,Smartphone වගේ ඒවට.ටයිප් කරලා අතත් රිදෙන හින්දා මම මේක මෙතනින් නවත්ත්න්ම්.