හායි යාලුවනේ ඔයාලට අපිව මතක ඇති ගොඩක් කාලෙකින් ඔයාලට අලුත් ලිපියක් ගෙන්න බැරි උන එකට සමාවෙන්න. අපිටත් වැඩ තියනවානේ ඉතින් 😂😂😂😂
වැඩි කතා ඕනේ නෑ 4G අහලත් ඇති දන්නවත් ඇති දැනට පාවිච්චි කරනවත් ඇති ඔයාලා හිතයි මම 4G ගැන කතා කරනවා ඇති කියලා 😀😀 මම අද කියලා දෙන්නේ 4G තාක්ෂණයට සම්බන්ධ දෙයක් ගැන VolLTE ඔයගේ ස්මර්ට් ෆෝන් එකේ නොටිෆිකේෂන් බර් ඒකේ දැනටමත් VolLTE Icon එකක් පෙන්නවා ඇති
අපි බලමු 4G කියන්නේ මොකක්ද කියලා
4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එකට. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ යාලුවනේ 2009 වර්ෂයේ ස්වීඩනයේදි. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ 😯😯😯 ෆට්ට නේ ❤❤❤❤
අපි දැන් කතාවට එමු මොකක්ද volLTE 4G අතර තියන සම්බන්ධය කියලා සම්බන්ධයක් කිව්වට Love Affair එකක් නෙමෙයි 😂😂😂
VolTE කියන්නේ කෙට් කරපු වචනයක් Voice Over LTE තමයි හරි වචනේ 😀
4G LTE ජාලය හරහා ඉහළ ගුණාත්මක භාවයකින් හඬ සහ වීඩියෝ ඇමතුම් ලබා ගන්න මෙයාට පුලුවන්. ජංගම සහ ස්ථාවර රැහැන් රහිත ජාල සඳහා IP-පදනම් වූ හඬ සන්නිවේදනයන් සඳහා ඊළඟ පරම්පරාවේ(Next Generation) තාක්ෂණය මෙය කියලා හදුන්වන්නත් පුලුවන් ඉතින් 😂😂😂 තේරෙන්නේ නෑ නේද 😯😯
තවත් සරලව පැහැදිලි කරනවනම් ඔබ ඡංගම දුරකථනයෙ Data On කරගෙන ඉන්න වෙලාවක දුරකථනයට ඇමතුමක් එනවිට Data Off වෙනවා නේද 😠 😠 කොහොමද 2GB වගේ File එකක් Download කරන වෙලාවක Call එකක් ආවොත් අම්මා තාත්තවත් මතක් වෙයි 😂😂😂
VolTE පහසුකම ඇති විට ඡංගම දුරකථනයෙ Data On කරගෙන සිටින අවස්තාවක දුරකථනයට ඇමතුමක් එනවිට Data Off වෙන්නේ නෑ 😀😀😀 Voice සහ Data යන අවස්තා දෙක විසන්දි නොවි සමබරව පවත්වා ගන්න මෙයාට පුලුවන්. Voice අවස්තාව HD(High Definition) Call පහසුකමට සාමානකමක් දක්වනවා නමුත් VolTE තාක්ෂනය ඉන් ඔබ්බට ගිය තාක්ෂනයක් පෙන්නුම් කරනවා 😯😯
වර්තමානය වනවිට ලංකාවෙ අපටද VolTE අත්දැකිම විදගැනිමට හැකියාව පවතිනවා.ඵ් සදහා VolTE තාක්ෂනය ඇති ඡංගම දුරකථනයක් වෙන්න ඕනේ ඒකේ VolTE සක්‍රිය කර තිබීමත් අනිවාර්ය වෙනවා.
ලංකාවේ ඩයලොග් මොබිටෙල් ආයතන මගින් තම ඡංගම දුරකථන ඡාල VolTE තාක්ෂනය මගින් බල ගන්වනවා ඒ සදහා ERICSSON සහ HUAWEI තාක්ෂනය උපයෝගි කරගෙන ගන්නවා
DIALOG සමූහය විසින් මෙහෙයවනු ලබන 4G-LTE Networks විසින් VoLTE (Voice Over LTE) පහසුකම සක්‍රිය කර ඇති බව ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු DIALOG Axiata විසින් නිවේදනය කරලා තියනවා. DIALOG සමූහය FD-LTE තාක්ෂණය පදනම් කරගත් ජංගම 4G ජාලයක් ක්‍රියාත්මක කරන අතර TD-LTE පදනම් කරගත් ස්ථාවර 4G ජාලයක්ද ක්‍රියාත්මක කරනවා.
DIALOG සමාගම සිය 4G-LTE යටිතල පහසුකම් නවීකරණය කරමින් මාසයකට වැඩි කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු DIALOG Iconic අත්දැකීම් මධ්‍යස්ථානයේදී VoLTE සේවය අත්විඳීමට පාරිභෝගිකයින්ට ආරාධනා සහිතව නිවේදනය කලා. Dialog LTE Networks හරහා VoLTE පහසුකම සක්‍රිය කර තියනවා.කොහොම උනත් පාරිභෝගිකයන් හට VoLTE අත්දැකීමට හැකිවන පරිදි LTE දුරකථනය හෝ LTE CPE (පාරිභෝගික ආම්පන්න උපකරණ) අවශ්‍ය වෙනවා. ඉහළපෙළේ LTE ජංගම දුරකථන බහුතරය ඉදිරියට ගෙන යන VoLTE පහසුකම නිපදවන්න හිතනවා කියලා තමයි එයාලා කියන්නේ 😀😀😀😀
LTE air interface සඳහා 1Gbps වේගයකින් යුත් 4.5G සේවාවක් නිරූපණය කිරීම කැපී පෙනනෙ අවස්තාව උනා. 2014 දී 4G LTE ජාලයන් ආරම්භ කිරීමත් සමග සමාගම 4G සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා 50Mbps දක්වා වේගයෙන් වේගවත් කිරීම සඳහා 50% ක ජනගහනයක් ආවරණය කර දුන්නා. ජනග්‍රහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ආවරනය කිරීමට 3G- HSPA අඩිපාරම ආක්රමනශීලී ලෙස අනුගමනය කරමින් ඩයලොග් / මොබිටෙල් 4G LTE සේවාව නුදුරු අනාගතයේදී මෙරට ජනාවාස ප්‍රදේශ සඳහා අතිශය අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණයක් ලබා දෙයි කියාලා අපි විශ්වාස කරමු.
( ගාස්තුත් අඩු කලානම් තමයි හොද ඉතින් 😂😂😂😂 )
මම හිතනවා ඔයාලට පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා 4G volLTE ගැන
අඩුපාඩු ගොඩක් ඇති සමාවෙන්න ඒකට මේ වගේම අලුත් ලිපියකින් නැවත ඉක්මනින් හමු වෙමු
❤❤❤❤ ලහිරු ශිවන්ත ❤❤❤❤
" කොපි කල හැක සම කල නොහැක "