Friday, February 20, 2015

කොරියන් Phone වල Call ඩ්රොප් අවුල හදමු


ලංකාවේ ගොඩක් අය
කොරියාවේ නිෂ්පාදිත ඔර්ජිනල් සැම්සුන් දුරකථන පාවිච්චි කරනවා.ඔර්ජිනල් කොරියන් ඒ කිව්වේ SHW/SHV වලින්
මොඩ්ල් නම්බර් පටන් ගන්න ෆෝන් ගැන . ගොඩාක් වෙලාවට මේ ෆෝන් වල කෝල් ඩ්රොප් වෙන අව්ල තිනවා . එ කිව්වේ කෝල් එක ගත්තම එහා පැත්තෙන් කියන දේ ඇහෙන්නේ නෑ , හිටපු ගමන් කෝල් කට් වෙනවා . ඔන්න ඔය වගේ සින් එකක් තමා මේකෙදි වෙන්නේ .
හදාගන්න විදිය කියන්නම් . මේ වැඩේ නම් කිසිම ගේමක් නෑ.

හදන හැටි පොටො එකේන් පොටො එකට බලන්න

Monday, February 16, 2015

Opera Mini Modified apk

ඔන්න ඔයාලට Opera Mini Modified Application එකක්.

මෙක Android Device වලට Use කරලා බලන්න පහල Link එකෙන් Download කර ගන්න.

මෙතනින් Download කර ගන්න.

Sunday, February 15, 2015

IMEI Null

මොකද්ද මේ IMEI නල්???? ඒක ගැන සමහරු නම් අහලත් නැතිව
ඇති. නල් (null) කියන්නේ සිංහලෙන් ශූන්යයට.
ඉමි නල් කියන්නේ ස්මාර්ට්පෝන් වලට වැලදෙන රෝගයක්. 5%ත්
8% අතර වගේ මෙම රෝගය වැලදීමේ අවධානමක්
ඔබේ පෝන් එකටත් තියෙනවා. මොකද මේක
ඔබගේ පාවිච්චියේ වරදක් මත ඇති වන්නක් නොවේ.
මේ රෝගයේ දැකිය හැකි රෝග ලක්ෂණ නම්..
1. *#06# යොදා imei අංකය පරීකෂා කළ විට පෝන් එකෙහි
සුපුරුද imei අංකය වෙනුවට null/null ලෙස දිස්වීම.
2. Settings/about phone ඔස්සේ ගොස් baseband version
පරීක්ශා කළ විට Unknown ලෙස දිස්වීම.
3. ඇමතුම්/කෙටි පණිවුඩ සේවා/මොබයිල්
ඩේටා සේවා සියල්ල ක්රියාවහිත වීම.
ඉහත රෝග ලක්ෂණ සමග පහත මාරාන්තික රෝග ලක්ෂණද
පෙන්වන්නේ නම් ඔබගේ පෝන් රාජයා අමතක කරනු යහපති.
1. පෝන් එකෙහි cpu එක පවතින් ඉහල පෙදෙස(S3 එකෙහි නම්
පහළ පෙදෙස) #අධිකව රත් වීම.
2. පැය 2ක් යාමට මත්තෙන් 100% සිට 0% දක්වා බැටරි බැස
ගොස් ක්රියා විරහිත වීම.
*ඉහත මාරාන්තික රෝග ලක්ෂණ නොපෙන්වන්නෙ නම් පමණක්
ගොඩ වෙදකමක් ලෙස stock rom එක odin එකෙන්
ගසා බලන්න. එසේ නොහේ නම් වහාම රෝගියා හොදම
ස්මර්ට්පෝන් රෙපෙයාර් ශොප් එකකට රැගෙනයන්ට.
ඉතින් ඔන්න ඔය කියන ඉමි නම්බර් එක නල් වෙන රෝගෙටත්
ඩෙංගු වලට වගේ අවස්තා 2ක් තියෙනව.
ඒකියන්නේ..මේ ඉමි නල් කේස් එක අවස්තා 2කදී ඇතිවෙන්න
පුලුවන්.
1.පෝන් එකෙහි efa partition එක කොරප්ට් උනාම.
2.පෝන් එකෙහි modem(baseband) ic හානි වූ විට.
(මාරාන්තිකයි)
ඉහත 1 හි පරිදි efs partition එකෙහි data කරප්ට් වූ විටද ඉමි
නම්බරේ නල් ලෙස දිස්වන්නේ..පෝන් එකේ අනන්යතාව අඩංගු
වන්නෙ efs partition එකෙහි වන බැවිනි. Efs partition යනු
පිටතින් දැකිය නොහැකි.. root කර system/ තුළට ගිය විට පමණක්
දැකිය හැකි සගවුණු partition එකකි. ඔබේ Imei නම්බරය encrypt
කර තබා ඇත්තේද මෙහිය. රොම් ගැහුවාට මෙම පාර්ටිශන් එක
format වෙන්නෙ නැත. නමුත් රොම් ගසන විට මෙහි දත්ත වලට
හානි වී imei null විය හැක. Imei නැති පෝන් එකක් නෙට්වක්
කැරියර් විසින් ඔවුන්ගේ නෙට්වර්ක් එකෙහි රෙජිස්ටර්
කරගන්නේ නැති බැවින් ඔබගේ පෝන් එකෙහි සියලු
සබදතා ඇණහිටිනු ඇත. නමුත් efs corrupt හේතුවෙන්
ඔබගේ imei null වී ඇත්නම් මෙය සාදා ගැනීමට පහසුය. වහාම
smartphone රෙපෙයාර් shop එකකට යන්න.
අංක 2හි පරිදි මාරාන්තික වන්නෙ imei null වී ඔබගෙ පෝන් එක
අධිකව heat වන්නේ නම් හා බැටරිය ක්ෂණයෙන් බැස
යන්නේ නම් පමණි. එසේ වන්නේ නම් අදාළ modem(baseband
ic) ය ලුහුවත්(short) වේ. Modem ic මාරු කිරීම කළ නොහැකිය.
මන්ද බොහෝ චිපයන්හි modem ic පිහිටුවා ඇත්තේද cpu (soc-
system on chip) මත බැවිනි. Cpu replace කළ නොහැක.
ඒ හැර #සමහරු කියන පරිදි stock rom ගැසූ සැණින් imei null/
baseband unknown රෝග හරිගස්සන්ට බැරිය.

Wednesday, July 30, 2014

මොකක්ද ROM එකක් කියන්නෙ?

ROM – Read Only Memory කියන්නේ ඔයාගෙ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකේ system files ගබඩා කරලා තියෙන විශේෂ Drive එකකට.ඒකෙ තියෙන්නේ මූලිකවම මෙහෙයුම් පද්දතිය.Android, Symbian, Windows වලට විතරක් නෙවෙයි අපි භාවිතා කරන ගොඩාක් විදුලි උපකරණ වලට මේ ROM එකක් තියෙනවා. ඒ ඒවාට පැවරිලා තියෙන කාර්යන් ඉටු කරන්න.ROM එකක් නැතුව කිසිම විදුලි උපකරණයකට පැවැත්මක් නෑ. මොකක්ද Stock Rom කියන්නේ? ඔයාගේ ෆෝන් එකට මුළ ඉදන්ම දාලා එවන (නිෂ්පාදකයා විසින්) ROM එක මේ නමින් තමා හඳුන්වන්නේ.මේ ROM එක තමයි අදාළ ෆෝන් එකට official එහෙමත් නැත්තම් OEM විදිහට සලකන්නේ. මේ Stock Roms EDit කරන්න/ ඒ වෙනුවට විකල්ප Rom භාවිතා කරන්න පුලුවන්ද? ඔව් ඇත්තෙන්ම. දැනට නිපදවෙන ගොඩක් ROm එක්කෝ Windows, Android එහෙමත් නැත්තම් Symbian. මේ වගේ rom අපිට ඕන විදිහට හදලා ෆෝන් එකට දාන්න පුලුවන්. මොනවද Custom ROm කියන්නේ? ඉස්සරලා කිව්ව Stock Rom පදනම් කරගෙන තමයි මේ Custom ROms හදන්නේ. ඒ වුනත් මේවා හදන්නේ නම් නිෂ්පාදකයා නෙවෙයි. ඇන්ඩ්රොයිඩ් ෆෝන් සල්ලි දීලා පාවිච්චියට ගත්ත, ජාවා ප්රෝග්රැමින් ගැන දන්න අය තමා මේවා හදන්නේ.මේ rom වල stock ඒවාට වඩා ගොඩක් options දැක ගන්නත් stock ඒවාට වඩා ඉහල වේගයක් දැක ගන්නත් පුලුවන්. ඇයි අපිට Custom Rom අවශ්ය වෙන්නෙ? මේ රොම් වලින් අපේ පෞද්ගලික කැමැත්තට ෆෝන් එක හැඩ ගසා ගන්න පුලුවන්. නිෂ්පාදකයන් තමන්ගේ ෆෝන් හදන්නේ පාරිභෝගිකයින් විශාල ගණනක් ඉලක්ක කරගෙන අන්න ඒ නිසා ඒ අය ෆෝන් එකකට දාන ගොඩක් ඇප්ස් අපිට අනවශ්ය වෙන්න පුලුවන් . ඒ නිසාම අපිට අනවශ්ය ඇප්ස් අයින් කරලා. bugs අයින් කරලා අපේ ෆෝන් හදාගන්න පුලුවන් මේ ROM මගින්. එතකොට වගකීම (warranty) එක සම්බන්ධයෙන්? ඒ තීරණය ඔබ තනිවම ගත යුතු දෙයක්.ඔව් Custom Rom එක ඔබේ වටිනා වගකීම් කාලය විනාශ කරනවා.නමුත් ඒ ඔබ custom rom එකක් භාවිතා කරන අතරතුර ඔබේ ෆෝන් එක brick වීමකින් නැවතත් දුරකතන සමාගමට එය රැගෙන යා යුතු වූවොත් විතරයි.ඔබට අවශ්යනම් නැවතත් ඔබේ ෆෝන් එක Stock Rom එකක් flash කිරීම හරහා දුරකතන සමාගමට සොයාගත නොහැකි සේ ප්රතිස්ථාපනය කරගන්නත් පුලුවන්(මේ පීළිබඳ සත්ය, අසත්ය තාවන් විවාදාත්මකය) එතකොට Root කරනවා කියන්නේ? Root කියන්නෙ superuser, poweruser කියන පදවලට Linux මෙහෙයුම් පද්ධති වලදී යොදන අන්වර්ථ නාමය.මෙය windows වලදී administrator account එකකට බොහෝ සෙයින් සමානයි.Root කිරීමක් කියලා කියන්නේ අනෙකුත් ඇප්ස් වලට එම admin වරප්රසාදය ලබාගැනීමට දුරකතනය තුළ ඉඩ ලබා දීමයි. අපිට system එකට ඇතුල්වෙන්නනම් high privilege ඕන වෙනව ඒ කියන්නෙ admin permission ඕන වෙනව . නැත්නම් system files වලට අත තියන්න බෑ. guest login වලින් ගියාම. SuperUser app එක මොකක්ද? Root කිරීම අවසානයේ පරිගණකයේ ස්ථාපනය වෙන ඇප් එකක් තමා මේ.අනෙකුත් ඇප්ස් වලට Root වරප්රසාදය භාවිතාකිරීමේ අවසරය පාලනය කිරීමට මෙයට හැකියාව තියෙනවා. sh,bash Terminal ක්රම කියන්නෙ Unix හෝ ඒ වගේ මෙහෙයුම් පද්ධති වල ක්රියාත්මක කළහැකිවන සේ සකසලා තියෙන command-line පරිවර්තක මෘදුකාංගයක්.ඒ කියන්නේ අපිට අවශ්ය කුමක් හෝ command-line එකක් ක්රියාත්මක කළ හැකි අතුරු මුහුනතක් මේවායේ ක්රම ගණනාවක් තිබුනත් ඇන්ඩ්රොයිඩ් වලදී අපි කතා කරන්නේ ක්රම 2ක් ගැන විතරයි. ඒ එකක් තමා sh (Standard-Bourne-Shell) අනෙක තමයි bash (busybox හා XDA වලදී භාවිතා කරන ක්රමය).මේවා මූලිකව සමාන ලක්ෂන පෙන්නුවත් bash යනු තරමක් වැඩි දියුණු ක්රමයක්. user/root shell විධානයන් වෙන්කර ගැනීම තමන් මොකක්හරි terminal එකක කටයුතු කරන කොට එහිදී දෙනු ලබන විධානයන් තමන්ගේ ෆෝන් එකේ root සම්බන්ධවද, නැතිනම් normal user සම්බන්ධවද ක්රියාත්මක වෙන්නේ කියලා වෙන්කර ගන්න මේකෙන් පුලුවන්.අදාළ command එක # සලකුණෙන් අවසන් වෙනවනම් ඒක root පහසුකම අවශ්ය කරන command එකක්.(උදා:bash-3.2# _) ඒ වගේම command එක $ වලින් ඉවර වෙනවානම් ඒක root අවශ්ය නොවෙන command එකක්. BusyBox කියන්නේ මොකක්ද? Unix පද්ධතියෙන් උපුටා ගත්තු ඇන්ඩ්රොයිඩ් වලට අවශ්ය මූලිකම මෙවලම්, එහෙමත් නැත්තම් tools වල සංයෝගයක් තමයි මේ busybox කියන්නෙ. root කිරීමකින් පස්සේ දුරකතනයේ root-user තවදුරටත් භාවිතා කිරීමට පහසු කිරීමක් මේ මගින් කරනවා.එසේම මෙය The Swiss Army Knife of Embedded Linux ලෙසද හදුන්වනවා. Busybox විධාන මේවගේ ඉතා විශාල commands ප්රමාණයක් තියෙනවා.මම ටිකක් සඳහන් කරන්නම්.තවත් අවශ්යනම් ගූගල් වල "man " විදිහට ස්ර්ච් කරන්න. cd - File directory එක වෙනස් කරන්න. example: cd / sdcard ls - directory එකේ ෆයිල් වල විස්තර (ක්රම කීපයක් ඇත example: ls -l /sdcard/*.png (විස්තරාත්මක) cat - print කිරීමට Example: cat /sdcard/ data.txt vi - ෆයිල් edit කරන්න cp - copy කරන්න . Example: cp /sdcard/ bike.jpg /sdcard/ media/bike-wallpaper.jpg mv - moving/rename සඳහා , Example: mv / sdcard/bike.jpg / sdcard/media/renamed-moved-bike.jpg rm - delete කිරීමට Example: rm -R /sdcard/ wallpaper-bad/* find - search කිරීමට , Example find / -name "best-chopper-eve r.avi" mkdir - නව directoryක් සෑදීමට, Example: mkdir mynewdir එතකොට ADB කියන්නේ? ADB කියන්නේ Android Debug Bridge කියන එක. මේකෙන් කරන්නේ ඇන්ඩ්රොයිඩ් SDK එක හරහා සිදුකරන නිර්මාණ ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක හරහා හෝ emulator එකක් හරහා ධාවනය කිරීමට අවශ්ය පරිසරය සකසා දීම.මේකෙ කොටස් තුනක් දක්නට ලැබෙනවා. 01. A Client 02. A Server 03. A Daemon මෙය බොහෝ අවස්තා වල ෆෝන් ෆ්ලැශ් කරන්නත් යොදා ගන්නවා.command prompt එක හරහා තමයි ක්රියාත්මකව වෙන්නේ. Android SDK කියන්නේ මොකක්ද? Android Software Development Kit කියලා තමයි මේක හැඳින්වෙන්නේ.ඇන්ඩ්රොයිඩ් මෘදුකාංග සංවර්ධනය කරන්න ඕන කරන පහසුකම් සියල්ලම මේකේ තියෙනවා.ජාවා දන්නවානම් මේක ගොඩාක් වැදගත්.මේක පහත මෙවලම් වලින් යුක්තයි. Android SDK tools * Fully emulated Android device * Android Development Tools Plugin (Eclipse IDE) * Android Virtual Devices (AVDs) * Hierarchy Viewer * layoutopt * Draw 9-patch * Dalvik Debug Monitor Service (ddms) * Android Debug Bridge (adb) * Android Asset Packaging Tool (aapt) * Android Interface Description Language (aidl) * sqlite3 * Traceview * mksdcard * dx * UI/Application Exerciser Monkey * monkeyrunner * Android * zipalign මොකක්ද මේ Custom Recovery කියන්නේ? මේක internal memory එක ඇතුලේ තියෙන බයිනරි කේත වගයක්.මෙය තුල යම් වැඩසටහනක් තියෙනවා ඇන්ඩ්රොයිඩ් වල ආධාරයෙන් තොරව ක්රියාත්මක වෙන්න පුලුවන්. මේක පරිඝණකයේ BIOS මෙනුව වගේමයි.මේකෙන් මෙමරි බැකප් කිරීම, පාටිශන් කිරීම වගේ දේවල් රැසක් කරන්න පුලුවන්. Custom Recovery එකකින් සපයන මෙවලම්? * USB-MS Toggle: SD card එක වෙනුවට USB එකක් භාවිතා කරන්න පුලුවන් * Backup/Restore:මේ මගින් ෆෝන් එකේ system files Backup කරගන්නත් ඒවා නැවත restore කරන්නත් පුලුවන් * Flash Zip From Sdcard: විවිධ update packages sideload කිරීමේ හැකියාව මින් laebenawaa. * Wipe Menu: සියලුම දත්ත.කෑෂ් ෆයිල්ස් ආදිය මැකීමේ පහසුකම ලබා දෙනවා 

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤ ජංගම දුකථනයකට යොදා ගන්න ...