Tuesday, August 29, 2017

Android වල සහ Iphone වල වෙනස

Android Vs IOS/Iphone

ලිපිය කොහෙන් පටන්ගන්නද කියලා තමා හිතාගන්න අමාරු. කමක් නෑ සොෆ්ට්වෙයා පැත්තෙන් පටන් ගමු.


අංක එකටම IOs කියන්නේ Unix කර්නල් එකෙන් දුවන OS එකක් නෙවේ. ඒක XNU Hybrid කර්නල් එකක්. ඇන්ඩ්රොයිඩ් Pure Linux කරනල් එකේ දුවන්නේ.
මේ හයිබ්රිඩ් කර්නල් එකේ විශේශත්වයක් තමා තනි සිස්ටම් ප්රොසෙස් වලට වෙන් වෙන්ව ක්රියාත්මක වෙන්න පුළුවන් වෙන එක. තනි ඇප් එකක් රන් කරන්න හොදයි. හැබැයි ඇප් කීපයක් රන් වෙනකොට ප්රොසෙස් අතර දත්ත හුවමාරුව ස්ලෝ වෙනවා.


IOS OS එක ලියලා තියෙන්නේ C,C++,Objective C, Swift පාවිච්චි කරලා.
Android ලියලා තියෙන්නේ C,C++, Java, .Net C# වලින්.
ගොඩාක් IOS Usersලා කියනවා Android ඇප්ස් ස්ලෝලු. ඒක හරි ඇති හැබැයි ඒ ඉතින් ඇන්ඩ්රොයිඩ් 4.4වලට කලින් ඒවට. මොකද ඒකාලේ පාවිච්චි කලේ Dalvik VM එක. ඒක JIT වර්ගේ කම්පයිලර් එකක්. (කෝඩ් එක මැශින් කෝඩ් එකට හරවන්නේ ඇප් එක දුවන කොට). හැබැයි දැන් තියෙන්නේ ART එක. ඒක AOT එකක්. ඒකෙන් වෙන්නේ ඉන්ස්ටෝල් වෙන වෙලාවෙම කම්පයිල් වෙනවා.
දැන් ඇන්ඩ්රොයිඩ් 7.1 වල ඉදන් අලුත්ම ART එකෙන් ඇප් ඉන්ස්ටෝල් වෙන්න යන වෙලාව කලින්ට වඩා 70% අඩු වෙලා. මොකද ඇප් එකේ බේසික් ටික කම්පයිල් උනාම ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට දෙනවා. පස්සේ අපි ෆෝන් එක පාවිච්චි නොකර ඉන්නකොට සම්පූර්ණ කම්පයිල් වීමක් වෙනවා.
ඒනිසා ඇන්ඩ්රොයිඩ් 5.0 වල ඉදන් අයි ඕඑස් යූසර්ලගේ කතාව වලංගු නෑ.
IOS ඇප් එකක් ලියල ඇප්ස්ටෝ දාන්න එක ඇප් එකකට සෑම වසරකම ඩොලර් 99ක් ගෙවන්න ඕන. හැබැයි ගූගල් ප්ලේ ස්ටෝ දාන්න ඩිවලොපර් එකවුන්ට් එකකට දෙන්න ඕන ඩොලර් 25යි. ආයේ තව සතයක්වත් ගෙවන්න ඕන නෑ. පේනව ඇතිනේ මොකෝ ඇප්ස්ටෝ එකේ ඇප් ගනන් කියලා.
අනික IOS ඇප් ඩිවලොප් කරන්න Mac එකක් තියෙන්නම ඕන. දළ වශයෙන් ගත්තම IOS ඇප් ඩිවලොප් කරන්න 1000$ ඕන. හැබැයි Android වලට ඕන 300$ @ Max. මොකද ඕනම PC එකකින් ඇප් ඩිවලොප් කරන්න පුළුවන්. අනික Android Studio එක ෆ්රී දෙන්නේ. (මුලු ස්ටුඩියෝවම 2GB)
ඊට පස්සේ බලමු UI නැත්තං අතුරුමුහුණත් ගැන. මේක ගැන IOS යූසර්ලා කියන්නේ ඇපල් වල තමා ලස්සනම එක තියෙන්නේ කියලා. හැබැයි එයාලට අමතකයි ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්නේ Material Design එක කියලා. ඒවගේම ඇපල් වල UI Rendering වෙන්නේ Cocoa වලින්. ඒකෙන් වෙන්නේ ඉදලා හිටලා UI Error එන එක. ඇන්ඩ්රොයිඩ් වල බොහෝවිට UI Rendering වෙන්නේ GPU එකෙන්. ඒනිසා CPU එක පාවිච්චි වෙන එක අඩුයි. ඒකෙන් වෙන්නේ පර්ෆෝමන්ස් ඉහල යන එක.
අනික Material Design එකට Guidelines දීලමයි තියෙන්නේ. හැබැයි IOS එකේ එහෙම දෙයක් නෑ.
ඊට පස්සේ ග්රැෆික් වලට ආවම IOS යූසර්ලගේ තර්කයක් තමා IOS ඉස්සරහින් කියලා. හැබැයි ඒකත් දැන් වලංගු නෑ. මොකද දැන් ඇන්ඩ්රොයිඩ් වල Graphics API එක Vulcan නිසා.
අයිඕඑස් වල තාම තියෙන්නේ එයාලගෙ කස්ටම බිල්ඩ් Metal API එක.
Metal ApI එකේ අව්ලක් තමා GPU හා CPU එකෙන් එකම මෙමරි පාට් එක ශෙයාකර ගැනීම. ෆ්රේම් රේට් ඩ්රොප් වෙන්න ප්රධානම හේතුවක් මේක.
Vulcan ගත්තම ඒකෙ තියෙනවා GPU Based Shader Compiling හා Shader Precompiling. ඉහල පර්ෆෝමන්ස් දෙන්න මේක හේතුවක්.
ඇපල් A10F වල Single Core CPU Performance ඉහල යවලා තියෙන්නේ මේ Metal ApI එකට ඕන නිසා. මොකද Metal වලට CPU Core එකයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Vulcan වලට පුළුවන් සියලු CPU Core සමව පාවිච්චි කරන්න. ඒනිසා එක කෝ එකක් මත බර පැටවීම අඩු වෙනවා. පර්ෆෝමන්ස් ඉහල යන්වා. FPS වැඩි වෙනවා.
IOS වලට රන් වෙන්න පුළුවන් ARM64 වල විතරයි. හැබැයි ඇන්ඩ්රොයිඩ් වලට ARM,ARM64,X86 වල රන් වෙන්නත් පුළුවන්.


ඊලඟට යමු කැමරාවට.


ඇපල් යූසර්ලගේ තර්කයක් තමා ඇපල් ෆෝන් වල කැමරාව ලෝකේ හොදම මොබයිල් කැමරාව කියන එක. හැබැයි මෙයාලාට අමතක වෙලා ඇපල් සමාගමෙන් එයාලගේ කැමරාව ගැන කියන්නේ ලෝකේ ජනප්රියම කැමරාව කියලා මිසක හොදම කැමරාව කියලා නෙවේ.
කිසිම Iphone එකක් DxoMark එකේ මුල් 10ට වත් නෑ.


දැන් බලමු Hardware පැත්ත.


ඇපල්ලගේ අලුත්ම SoC එක A10 Fusion.
මේක 4 Core CPU @ 2.3Ghz 16nm එකක්.
Ram එක 3GB. GPU එක 6 Core PowerVR GT7600P @ 900Mhz එකක්.
මේකට වඩා පවර් SoC ඕන තරං තියෙනව. මං තියන ජනප්රියම එක ගන්නම්.
Snapdragon 835.
මේක 8 Core CPU @ 2.4Ghz 10nm එකක්. GPU එක 256ALU Core Adreno 540 @ 750Mhz එකක්. රැම් එක 8GB එනවා උපරිම.
මොකක්ද මේ දෙකෙන් Processing Power වැඩි?
SD835 අනිවාර්යයෙන්ම.
(ඒවගේම ලගදිම එන Kirin 970 SoC එකේ එන්නේ Mali G72 Frosbite 32 Core GPU එකක්. (?).)
බැටරිය ගැන ඉතින් කියන්න දේකුත් නෑ. Iphone 7 එකෙ 2900mAH බැටරියක් එද්දි Huawei Mate 9 එකේ 4000mAH බැටරියක් එනවා.
අලුතෙන් ආපු Android Oreo එකේ තියෙනවා AB Partition OTA අප්ඩේට් සිස්ටම් එකක් හා ඔටෝමේටඩ් සිස්ටම් රිකවරියක්. (සෙකන්ඩරි රිකවරියක් නම් EMUI එක්ක ආවා කාලෙක ඉදන්). මේනිසා OTA Update කරප්ට් උනත් අව්ලක් නෑ.
සමහරු කියන කතාවක් තමා හොදම සිකුරිටි තියෙන්නේ IOS වල කියල. හැබැයි ඇත්තම කතාව IOS වල තියන සියලු සිකුරිටි ෆීචර් ඇන්ඩ්රොයිඩ් වලත් තියෙනව. ලෝකේ තියන හොදම සිකුරිටි ඕඑස් එක තමා CopperHead Os එක. ඒක ඇන්ඩ්රොයිඩ් ඕඑස් එකක්. ( https://copperhead.co/android/ ). ඒනිසා ඒකෙනුත් ඇන්ඩ්රොයිඩ් ඉස්සරහින්.

Saturday, August 19, 2017

G.P.S කියන්නේ මොකක්ද සිංහලෙන් දැන ගමු

මොකක්ද මේ G.P.S කියන්නේ....... ???

දැන් හැම ෆෝන් එකකම තියෙනවා නේ මේක. ඉන්නතැන මැප් එකේ පෙන්නන්න නේ මේ තාක්ෂණය යොදාගන්නේ.

GPS ගැන කියන්න කලින් පොඩ්ඩක් කතා කරලා ඉමුකො.ගොඩක් කාලයක් මුකුත් ලියන්න වුණේ නම් නෑ. එක හේතුවක් තමයි මගෙ ෆොන් එක කැඩිල තිබුනේ. අනිත් කරුණ ඉතින් මම මේ හරි අමාරුවෙන් විස්තර හොයන් ලියන ඒවට ප්රතිචාර මදිකමඒ කෙසේ වෙතත් මේව ලියන එක මගේ දැණුමට හොඳයි කියන තැන ඉඳන් මම ලියනව. ලයික් නැතත් මට කමක් නෑ, මම ප්රයෝජනවත් පෝස්ට් එකක් ලිව්වා කියන ආත්ම තෘප්තිය මට තියෙනවා. මොකක්හරි ජරාවක් දාලා ලයික් හොයනවට වඩා මේකට ලැබෙන දෙක තුනත් ඇති..

Global Positioning Service කියන එක සිංහල වලට හැරෙව්වොත්, ඒක "ලෝක ව්යාප්ත ස්ථාන පිහිටුම් සේවාව" වගේ එකක්. Positioning කියන්නෙ නිකන් හරියට ස්ථානගත කරනවා වගේ එකක් නෙ. මේකෙන් කරන්නෙ චන්ද්රිකා තාක්ෂණය භාවිතා කරලා භූගෝලීය පිහිටීම් හොයාගන්න එක. (Geographical Location) අපි මේක ගැනවැඩි විස්තර කතා කරමු.
එහෙනම්. ඔයාලට පුදුම හිතෙන විස්තර ටිකක් තියෙනවා ඔන්න..GPS හොයාගත්ත රට තමා ඇමරිකාව. දැනට මේක පාලනය, නඩත්තුව සිදු කරන්නේ ඇමරිකානුගුවන් හමුදාවේ, අභ්යවකාශ අංශය විසින්. ඒක Air Force Space Command(AFSPC)කියලා හඳුන්වනවා. එතකොට ඔයාලා මේ GPS කියලා පාවිච්චි කරන්නේ ඇමරිකන් හමුදාවේ අයිටම් එකක්මරු නේද?.ඇමරිකන් කාරයෝ GPS ව්යාපෘතිය පටන් ගත්තේ 1973 දි ලු.

ඒ කාලේ තිබුණ පිහිටුම් සොයාගැනීමේ දුෂ්කරතා මඟහරවාගන්න පිළියමක් හොයන්න ගිහින් හොයාගත්ත දෙයක් තමා මේ GPS. ඉස්සර කාලේ සොල්දාදුවන් අතරමන් වෙලා එයාල ඉන්න තැන හොයාගන්න බැරුව අමු කට්ටක් කෑවා කියලා තමා ආරන්චි1960 ඉඳලම රහසිගත විදිහට හදපු ප්ලෑන් අනුව තමා මේක 1973 දි පටන් අරන් තියෙන්නෙ.1995 වෙද්දි චන්ද්රිකා 24 ක් ස්ථානගත කරලා මේ GPS සේවාව නිසි ආකාරවම ක්රියාතමක කරගෙන තියෙනවා.එච්චර කට්ටක් කාලා, කෝටි ගණන් වියදම් කරලා චන්ද්රිකා උඩ යවලා හදාගත්ත GPS තමා ඔයාලා මේ නොමිලේ යස අගේට පාවිච්චි කරන්නෙ.
(ඇමරිකන් කාරයා GPS යොදාගෙන කට්ටිය යන එන තැන් ගැන ඔත්තු බලනවා කියලත් ආරංචියිඒකට ඉතින් කවුදඉතින හැම වෙලේම GPS ඔන් කරන් ඉන්නෙ. ඕන වෙලාවට On කරගත්තම මදෑ.).

මේ GPS තාක්ෂණය ගොඩක් පාවිච්චි කරනවා හමුදාමය කටයුතු (Military) වලට. ඒ වගේම දැන් ගොඩක් සාමාන්ය ජනතාවත් පාරවල් හොයාගෙන ගමන් බිමන් යන්න මේ තාක්ෂණය පාවිච්චි කරනව. මොන කාලගුණ තත්වයක් තිබුණත්, GPS පාවිච්චි කරන්න පුළුවන්. කිසිම කාළගුණ තත්වයක් නිසා GPS සම්ප්රේෂණ තරංග වලට බාධාවක් නැහැ.

ලෝකේ කොහෙගියත් මේ GPS තාක්ෂණය ඔයාගේ ළඟ ඉන්නව. ඒ කියන්නෙ මේ තාක්ෂණය ක්රියාතමක වෙන්නේ චන්ද්රිකා මගින් නිසා, මුළු ලෝකෙම ආවරණය වෙන GPS ජාලයක් නිර්මාණය කරලා තියෙනවා. දැනට චන්ද්රිකා 31 ක් පමණ මේ GPS සේවාවන් සපයන්න අපි ඉන්න පෘථිවිය වටේ කැරකෙනව. ඔයා GPS ඔන් කරන හැම වෙලාවෙම ඔයාගෙ උදව්වට ඔය චන්ද්රිකා වලින් දහක් විතර එනව.ඒකත් මරු නේ? චන්ද්රිකා 4ක් තිබුණ නම් GPS Location එක බලාගන්න ඒ ප්රමාණවත්.ඇත්තටම මේ GPS තාක්ෂණය මගින් පෙන්නන්නෙ Phone එක තියෙන තැන නෙවෙයි, GPS Receiver එකක් තියෙන තැන. ෆෝන් එකේ වගේම කාර් වල, ටැබ් වල වගේ GPS යොදාගන්න හැම උපාංගයකම / උපකරණයකම GPS Receiver එකක් සවි කරලා තියෙනවා..

GPS සේවා සපයන්න මුලින්ම චන්ද්රිකවක් ගුවන් ගත කරලා තියෙන්නෙ 1978 පෙබරවාරි මාසෙ. මේ වෙද්දි චන්ද්රිකා 65 ක් පමණ අභ්යවකාශ ගත කරලා තියෙනවා මේ GPS සේවාව වෙනුවෙන්. දැනට පාවිච්චි වෙන චන්ද්රිකා 31 හැරුණම ඉතිරි ඒවා සමහර ඒවා තාක්ෂණික දෝෂ නිසා අතහැරදාලා වගේම චන්ද්රිකාවක දෝෂයක් මතු වුණාම ක්රියාතමක කරන්න පුළුවන් විදිහට Backup ලෙස තියාගෙන ඉන්නව. මේ චන්ද්රිකා අභ්යවකාශගත කරලා තියෙන්නෙ කිලෝමීටර් 20,180 ක් උසින්. ඔයා ෆෝන් එකේ GPS ඔන් කරාම ඔන්න ඔච්චර උසකින් ඉන්න චන්ද්රිකා එක්ක තමා සම්බන්ධ වෙන්නෙ.ඒකත්මාරයි.

එතකොට මොනාද මේ A-GPS?.මම දැකලා තියෙනවා සමහර අය A-GPS ගැන කතා වෙනවා. ඒ වගේම අහලා තියෙනවා ලංකාවට GPS නෑ, තියෙන්නෙ A-GPS කියලා. ඒවා අමූලික පචGPS කියන්නෙ මුළු ලෝකෙම ආවරණය කරපු සේවාවක්. එතකොට ලංකාව තියෙන්නෙ අඟහරු වලද කියන ගැටළුව එනවලංකාවටත් GPS තියෙනවා යාලුවනේ. යස අගේට තියෙනවා.

Assisted GPS එහෙම නැත්නම් A-GPS කියන්නෙ දුරකථන සඥ්ඥා කුළුණු සහ GPS තාක්ෂණය යන දෙකම උපයෝගී කරගෙන පිහිටුම සලකුණු කිරීම කියන එක.මේකෙන් කරන්නෙ GPS භාවිතය ඉක්මන් කරන එක මිසක් වෙන දෙයක් නම් නෙවෙයි.

සමහර අවස්ථා වල GPS සිග්නල් දුර්වල වීමක් වුණොත් අපේ පිහිටට මේ A-GPS තාක්ෂණය එනවා. A-GPS හරහා GPS ක්රියාතමක කරපු ගමන් මුලින්ම වෙන්නෙ සෙල් ෆෝන් ටවර් එක මඟින් පිහිටුම් ස්ථානය තීරණය කරන එක. එතකොට නිශ්චිත පිහිටුම කිලෝමිටර් ගාණක (1-3 ත් අතර වගේ ගාණක) අරයක් සහිත වෘත්තාකාර ප්රදේශයකට පටු කරනවා. මේ පිහිටුම නිශ්චිත නැහැ.

ඊළඟට වෙන්නෙ GPS තාක්ෂණය මගින් මේ කිලෝමීටර් ගාණක අරය සහිත වෘත්තය ඇතුළේ පරීක්ෂා කරලා හරි ස්ථානය හොයාගන්න එක. ඒක මුළු ලෝකයක් පීරනවට වඩා ලේසියි නෙ නේදතේරුණාද මන්දා. හරි ඒ කෙසේ වෙතත් A-GPS කියන්නෙ GPS වලට උදව් කරන කෙනෙක් විතරයි..

ඇමරිකාවේ GPS තාක්ෂණය ට අමතරව, තවත් මේ වගේ පද්ධති කීපයක් තියෙනවා. හැබැයි ඒවා GPS තරම් නම් සාර්ථක නෑ. ඇමරිකාව කරන ඔක්කොම කරන්න හදන රුසියාව GLONASS කියලා එකක් හදලා තියෙනවා. හැබැයි GPS වල වගේ හොඳ ආවරණයක් දෙන්න නම් තවමත් පුළුවන් වෙලා නෑ. එවගේම European Union Galileo positioning system කියලා එකකුත් සැලසුම් කරලා තියෙනවා. අපේ මේ කරුමක්කාර අසල්වැසි ඉන්දියන් කාරයොත් මොකක් ද මන්දා Indian Regional Navigation Satellite System කියලා හුචක්කුවක් අටවලා තියෙනවා. ඒ වගේම චීන්නුත් China's BeiDou Navigation Satellite System කියලා එකක් maintain කරනව. ජපන්නුත් Quasi-Zenith Satellite System කියලා එකක් කරනව. හැබැයි ඉතින් GPS තරම් නම් මොකවත් හොඳ නෑ, ඒ තරම් ලොකු කවරේජ් එකකුත් නෑ.

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤ ජංගම දුකථනයකට යොදා ගන්න ...