Hi යාලුවනේ අදත් මම ඔයාලට අලුත් දෙයක් කියන්න යන්නේ Facebook Hacking 😂😂😂😂😂 ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද ? බැරිද ? කියලා අපි බලමුකෝ 😁😁😁
අපිට ගොඩක්ම ඇහිලා තියනවනේ මේ වගේ කියනවා
මචං මගේ FB account එක Hack උනා
උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා
මමත් කියලනම් තියනවා...... 😉😉😉😉
ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.
ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.... 😁😁😁😁
අනන් මනං පැත්තක තියලා කතාවට එමුකො අපි නැත්තන් මේක කියවන එකත් එපා වෙනවනේ ඔයාලට අද මම කියන්නම් තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියලා.එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා.
මම දන්න විදිහටනම් ලංකාවේ අයියලා ක්‍රම 3කට මේ වැඩේ කරනවා ( Hacking හරිද 😁😁😁 )
1. Phishing ( ෆිශින්ග් )
මේ ක්‍රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්‍රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page එක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක් එකත් පේන්නෙ හොදට බැලුවොත් තමයි මම කියලා දෙන්නම් මේක අදුරගන්න ක්‍රම 3ක්
1. Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එක www.facebook.com වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක් හරි මෙන්න මේ වගේ
උදා:- www.facebooook.com
www.facelink.hostfree.com
www.fbtricks.site98.com
ඔන්න ඔය වගේ වෙනස්කම් තමයි 😂😂😂
2. URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියලා විතරයි මම මේ කියන්නෙ ගොඩක් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට ඔයාලට
3. ඔයා Original Facebook Page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු Facebook Page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා.
මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති... 😂😂😂
කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න.
2. Keylogging ( කී ලොගින් )
මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා.
කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම මරු නේද 😂😂😂😂
ඒ නිසා මමනම් කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා.
Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න. 😉😉😉😉
මම කියන්නම් ඔයාලට දැනට ලංකාවේ ප්‍රසිද්ධ කීලොගර් ටිකක් මේවට අමතරව තව ගොඩක් තියනවා ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ නේද එහෙම තමයි අපි දන්නේ නැති ගොඩක් දේවල් තියනවානේ 😢😢😢😢
SpyAgent
KidLogger
Ardamax KeyLogger
Emmisary KeyLogger
Actual KeyLogger
Total Spy
All in One KeyLogger
මේ තියෙන්නේ ප්‍රසිද්ධ ටිකක් විතරයි යාලුවනේ....තව ගොඩක් තියනවා 😂😂😂😂
3. SideJacking ( සයිඩ් ජැකින් )
මේකත් ඔයාව Hack වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන් වෙයි 😁😁😁
Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking කියලා.
මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා අඩු පාඩුනම් ගොඩක් ඇති මේකේ එකට සමාවෙන්න ....
නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !
ලහිරු ශිවන්ත