කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් අලුත් දෙයක් කියන්නත් බැරි උනානේ ඔයාලට අද මම කියන්න යන්නේ 4K ගැන ඔයාලා සමහරවිට මේ ගැන දන්නවා ඇති.ඇත්තටම ඔයාල දන්නවා අද වෙනකොට විවිද Resolution තියෙනවා.
මේ අතරින්
4K UHD කියන්නේ දැනට තියෙන Quality එකෙන් වැඩිම Resolution එක.
Display එකක මොකක් හරි Zoom කරාම ඒක අපැහැදිලි වෙනවා කියලා ඔයාලා දන්නවානේ. වෙලාවකට කොටු කොටු තියෙනවා දැකලත් ඇති. අපිට display එකකින් දෙයක් පෙන්නේ ඒකෙ තියෙන Pixel කියන චූටිම චූටි පාට පාට Dots හින්දා. මේ dots එහෙට මෙහෙට වෙද්දි තමා අපිට display එකකින් දෙයක් පේන්නේ.
ඉතින් මේ Pixel ගාන වැඩියි කියන්නේ අපිට Display එකේ තියෙන සෑම දේ වගේම Photos, Videos එහෙමත් පේන Quality එක වැඩියි කියන එක.ඒ කියන්නෙ Zoom කරත් එහෙම මොකුත් අපැහැදිලි තතවයක් එන්නේ නෑ.... මාරයි නේ.... 😂😂😂😂😂😂
මේ 4K UHD වල Pixel ගැන කියනවනම් මේකෙ දිග අතට Pixel 3840 ක් සහ අනික් අතට Pixel 2160 ක් එක්ක Pixel 8,294,400 ක් තරම් කුඩා කොටස් සහිත හිතාගන්න බැරි තරම් සුමට, පැහැදිලි Display Quality එකක් ලැබෙනවා කියන එක.
ඒ කියන්නේ තියෙන පින්තූරයක් කෑලි 8,294,400කට කපනවා කියල හිතන්කෝ.ඒත් 4K කියන්නේ ඒ හැම කෑල්ලක්ම Record කරගන්න පුළුවන් කියන එක. මම හිතනව ඔයාලටත් මේ 4K තාක්ෂණය ගැන පොඩි අවබෝධයක් දැන් ඇති කියලා එහෙනම් මේ වගේ අලුත් දෙයකින් තවත් දවසකින් හම්බෙමු.... 😁😁😁😁
No comments:
Post a Comment