Thursday, April 9, 2020

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤

ජංගම දුකථනයකට යොදා ගන්න කොම්පියටර් මොලය කියලා කිව්වොත් මේකට ගොඩක් ගැලපෙනවා 😁😁 .
අපි හැමෝම SIM Card එක කියලා නම් දවසට , මාසෙට  කී පාරක්  විතර කියනවා ඇතිද ? ඒත් මේ ගැන හරි අවබොධයක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද සමහරු SIM කියන වචනේ තේරුමවත් දන්නේ නෑනේ 🤣 ඉතිං දන්න නොදන්න අයට දැනගන්න එකක් මේගැන කතා කරන්න හිතුනා. 


ඇත්තටම මොකක්ද මේ SIM Card එක. මේත ඇත්තටම ජංගම දුරකථනයක් තුල තිබෙන කුඩා පරිගණකයක් වගේ. SIM කියලා කෙටි වචනෙකින් කියවෙන්නේ Subscriber Identity Module කියන එකට. දැනට අපි අතර තිබෙන SIM වලට කිලෝබයිට් 16 සිට 64ක් දක්වා මතක ධාරිතාවයක් තිබෙනවා. මේ මතකය ඇතුලෙ දුරකථන අංක දෙසියකට ආසාන්න සංඛ්‍යාවක්, කෙටි පණුවුඩ, සහ තවත් තොතතුරු විශාල ප්‍රමාණයක් ඇතුලත් කර තබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ සිංදු එහෙම නෙමෙයි 🤣🤣🤣🤣


අපේ දුරකථන සම්බන්ධතායට අදාලා තොරතුරු, සහ සම්බන්ධතාවය භාවිත කරන්නා ගැන තොරතුරු මේකේ ඇතුලත් වෙනවා. අප භාවිත කරන දුරකථන පැජයෙහි තොරතුරු පවා ඇතුලත් වන්නේ සම් කාඩ් එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. සිම් එක ක්‍රියාත්මක කර තිබෙන විටදී එය තොතැනද තිබෙන්නෙ කියා සොයා ගැනීමට පුළුවන් වන්නේ මෙම සිම් එක නිසාය (LIA - Location Area Identify) යටතේදී මේ තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමණ්‍ය  සමබන්ධතාවක් අදාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සෙයා බැලිය යුතු නැහැ. කෂ්ණික දැන ගැනීමට පුළුවන්. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වෙනවා මම හිතනවා මෙහෙම කියනකොට ඔයාලට තේරෙනවා ඇති කියලා ගොඩක් සරලව මම ඔයාලට කියන්නේ 😯😯😯

සිම් කාඩ් පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI - International Mobile Subscriber Identity හෙවත් ඉමිසි අංකයයි. මෙම IMIS එක සෑම GSM  ඒ කියන්නේ Global System for Mobile communication වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය බලා ගන්න පුලුවන් ඔයාලට. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වෙනවා. ඒ වගේම මෙය අංක 15කින් යුතු අංකයක් වෙනවා.  මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Mico Chip එකක පුදුමයි නේද SIM එක පොඩි කියලා හිතුවට ලොකු දේවල් වෙනවා 😁
මේ මයික්‍රෝ චිප් එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ ලෝහ මය ස්පර්ශක වලින්. සිම් කාඩ් එකේ ඔයාලා දැකලා ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයට මය කොටස්. හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයක්. අප භාවිත කරන්න සම් පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත් යොදැගැනෙනවා. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත බැංකුව විසින් ඉලෙක්ට්‍රොනික පුරවැසි හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වලා දුන්නා. මෙකත් සාමාන්‍ය සිම් එකකට සමානයි මේක කියවන්න පුලුවන් PDA - Personal Digital Assistant උපාංගයට සහ පරිගණකයට විතරයි. මේ ක්‍රමය දැනට ලෝකය පුරම  භාවිතා කරනවා ආනාගතේ දවසක අපේ රටෙත් මෙය ක්‍රියාත්මක කරනවා දකින්න හැකිවේවි.දැනටමත් ලංකාවේ මේ තාක්ෂණය අත්හදා බලනවා දැන්නම් අතත් රිදෙනවා ටයිප් කරලා මම හිතනවා අදත් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා එහෙනම් තවත් දවසක මේ වගේම ලිපියකින් ඔයාලව හමුවන බලාපොරොත්තුවෙන් අදට ලිපිය අවසන් කරනවා 
       
❤❤❤


" කොපි කල හැක සම කල නොහැක "
ලහිරු ශිවන්ත 
 

Wednesday, April 8, 2020

ලංකාවට Internet ලැබෙනේ කොහොමද 😯😯😯

කොහොමද යාලුවනේ ඇදිරිනීති අස්සේ ගෙදරටම වෙලා එපා වෙලා තියෙන්නේ 😭😭 මොනවා කරන්නද ඉතින් මේ දවස්වල අපිට නැතුවම බැරි දෙයක් තමයි අන්තර්ජාලය ( INTERNET ) ගොඩක් යාලුවෝ හිතන් ඉන්නේ ලංකාවට මේ Internet ලබා දෙන්නේ චන්ද්‍රිකා ( satellite ) තාක්ෂණය හරහා කියලා ඒත් එහෙම නෙමෙයි මේ සේවාව අපිට ලැබෙන්නේ අපි අද බලමු කොහොමද ලංකාවේ අපිට Internet එකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාව ලබා දීලා තියෙන්නේ කියලා

මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් මේ සේවාව ලංකාවට ලාබා දෙන්නේ කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයි නේද ? ඒත් දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ මේ Cable මගින් මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා අද 😁😁😁😁

❤ SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

❤ Copper Cables - තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.
ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.



❤ Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම් අතත් රිදෙනවා ටයිප් කරලා 🤣🤣🤣

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ කියලා හිතෙනවා ඇති ඔයාලට



හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක
Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

ඉතින් මම හිතනවා මෙකෙන් පොඩි හරි දැනුමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා ඉතින් ඔයාලා හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න සෞඛ්‍ය අංශ දෙන උපදෙස් හරියට පිලිපදින්න ඉක්මනටම කොරෝනා අවදානමක් මුලු ලෝකෙන්ම තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් නැවතත් මේ වගේ අලුත් ලිපියකින් ඔයාලව හමුවන බලාපොරොත්තුවෙන් අපි සමු ගන්නවා

" කොපි කල හැක සම කල නොහැක "
ලහිරු ශිවන්ත

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤ ජංගම දුකථනයකට යොදා ගන්න ...