Thursday, January 9, 2020

කොහොමද යාලුවනේ ටික දවසකට පස්සෙ පොඩි Free එකක් ලැබුනා. මේ දවස්වල සීග්‍රයෙන් Android Device වල පැතිරිලා යන Virus එකක් ගැන ඔයාලට අහන්න ලැබෙන්න ඇති කියලා මම හිතනවා අද අපි ඒ ගැන ටිකක් කතා කරමු

මොකක් ද මේ අලුත් Virus එක


මේකේ නමනම්  Double locker කියලා තමයි දැනට හොයාගෙන තියන තොරතුරු වල තියෙන්නේ ඒ වගේම මේ Virus එක Ransomware කියන Category එකට තමයි අයිති වෙන්නෙ 
මොකක්ද Virus මෙකෙන් වෙන්නේ කියලා සමහර යාලුවෝනම් දන්නවත් ඇති කියලා මම හිතනවා. සරලවම කිව්වොත් මේකෙන් අපේ Phone එකේ Data Cover කරනවා. එතකොට අපිට ඒ Data Access කරන්න බරි වෙනවා හැබැයි ඒ Data තිබ්බේ තැන් වලම තියෙනවා. තවත් සරලව කියනවානම් ඔයාගේ Phone එකේ තියන ඔයාගේ Photo / Video / Audio / Document වගේ දේවල් එයා Lock කරනවා අපිට ඒවා බලන්න බැරි වෙන්න  🙂🙂🙂
දැන් අපි බලමුකෝ කොහොම ද මේක අපේ Phone එකට එන්නේ කියලා. සරලවම කිව්ටවාත් අපි පාවිච්චි කරන නිත්‍යානුකූල නොවන (Mod App/ Crack Software) වගේ Play Store වල නැති දෙවල් වලින් තමයි ඔයා ඔයාගේ Phone එකට එන්නේ දැනට තියෙන තොරතුරු අනුව නම් Virus එක Adobe Flash Player Update එකක් වගේ තමයි එන්නේ 😯😯මේ වගේ Virus එකක් ඔයාගේ Phone එකේ Run  වෙන්න නම්  අනිවාර්යයෙන්ම අපේ permission එකක් ඕනේ කරනවා Permission Allow කරද්දි වෙනදට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියන්න ඔනේ මේ දවස්වල 😁😁😁
මේක අයින් කරන්නේ කියලාත් අපි ටිකක් බලමුකෝ 😁
මේ Hackers ලා Virus එක ඉවත් කරගන්න ඔයාගෙ මුදල් ඉල්ලනවා.ඒක ඔයාට ගෙවන්න වෙන්නේ Bit Coin කියන මුදල් එකකයෙන් කවුරුත් දන්නේ නැ මේ සල්ලි කාටද කොහෙටද යන්නේ කියලා.ඒ වගෙම මේක ගෙවන්න ඔයාට පැය 24 කාලයක් විතරයි ලැබෙන්නේ හේ..... 🤣🤣🤣 නැත්තන් සොරිම තමයි 

Web අඩවි තුලට පිවිසිමට අනිසි බියක් ඇති නොකර ගන්න එපා. කිසිම ඇප් එකක් Play Store එකෙන් හැර Update කරන්න එපා 
Crack / Paid App Free හොයන්න යන්නත් එපා ඔයාම Crack කර ගන්නවානම් අවුලක් නෑ ඉතින්  😁😁😁
අපිත් සල්ලි දීලා Software අරන් නෑනේ ඔකනේ අපිත් කරන්නේ 🤣🤣🤣🤣

ඉතින් මම හිතනවා ඔයාලා ටිකක් හරි මේ ගැන  දැනුවත් වෙන්න ඇති කියලා. තවත් දවසක මේ වගේ ලිපියකින් හමු වෙමු 😁😁😁😁

ලහිරු ශිවන්ත

" කොපි කල හැක සම කල නොහැක "

Saturday, December 21, 2019

මොකක්ද මේ volLTE කියන්නේ තේරෙන සිංහලෙන් ඉගෙන ගමු


හායි යාලුවනේ ඔයාලට අපිව මතක ඇති ගොඩක් කාලෙකින් ඔයාලට අලුත් ලිපියක් ගෙන්න බැරි උන එකට සමාවෙන්න. අපිටත් වැඩ තියනවානේ ඉතින් 😂😂😂😂

වැඩි කතා ඕනේ නෑ 4G අහලත් ඇති දන්නවත් ඇති දැනට පාවිච්චි කරනවත් ඇති ඔයාලා හිතයි මම 4G ගැන කතා කරනවා ඇති කියලා 😀😀 මම අද කියලා දෙන්නේ 4G තාක්ෂණයට සම්බන්ධ දෙයක් ගැන VolLTE ඔයගේ ස්මර්ට් ෆෝන් එකේ නොටිෆිකේෂන් බර් ඒකේ දැනටමත් VolLTE Icon එකක් පෙන්නවා ඇති

අපි බලමු 4G කියන්නේ මොකක්ද කියලා 

4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එකට. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ යාලුවනේ  2009 වර්ෂයේ ස්වීඩනයේදි. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ 😯😯😯 ෆට්ට නේ ❤❤❤❤

අපි දැන් කතාවට එමු මොකක්ද volLTE 4G අතර   තියන සම්බන්ධය කියලා සම්බන්ධයක් කිව්වට   Love Affair එකක් නෙමෙයි 😂😂😂

VolTE කියන්නේ කෙට් කරපු වචනයක් Voice Over LTE තමයි හරි වචනේ 😀 
4G LTE ජාලය හරහා ඉහළ ගුණාත්මක භාවයකින් හඬ සහ වීඩියෝ ඇමතුම් ලබා ගන්න මෙයාට පුලුවන්. ජංගම සහ ස්ථාවර රැහැන් රහිත ජාල සඳහා IP-පදනම් වූ හඬ සන්නිවේදනයන් සඳහා ඊළඟ පරම්පරාවේ(Next Generation) තාක්ෂණය මෙය කියලා හදුන්වන්නත් පුලුවන් ඉතින් 😂😂😂 තේරෙන්නේ නෑ නේද 😯😯
තවත් සරලව පැහැදිලි කරනවනම් ඔබ ඡංගම දුරකථනයෙ Data On කරගෙන ඉන්න වෙලාවක දුරකථනයට ඇමතුමක් එනවිට Data Off වෙනවා නේද 😠 😠 කොහොමද 2GB වගේ File එකක් Download කරන වෙලාවක Call එකක් ආවොත් අම්මා තාත්තවත් මතක් වෙයි 😂😂😂
VolTE පහසුකම ඇති විට ඡංගම දුරකථනයෙ Data On කරගෙන සිටින අවස්තාවක දුරකථනයට ඇමතුමක් එනවිට Data Off වෙන්නේ නෑ 😀😀😀 Voice සහ Data යන අවස්තා දෙක විසන්දි නොවි සමබරව පවත්වා ගන්න මෙයාට පුලුවන්. Voice අවස්තාව HD(High Definition) Call පහසුකමට සාමානකමක් දක්වනවා නමුත් VolTE තාක්ෂනය ඉන් ඔබ්බට ගිය තාක්ෂනයක් පෙන්නුම් කරනවා 😯😯
වර්තමානය වනවිට ලංකාවෙ අපටද VolTE අත්දැකිම විදගැනිමට හැකියාව පවතිනවා.ඵ් සදහා VolTE තාක්ෂනය ඇති ඡංගම දුරකථනයක් වෙන්න ඕනේ ඒකේ VolTE සක්‍රිය කර තිබීමත් අනිවාර්ය වෙනවා.
ලංකාවේ  ඩයලොග් මොබිටෙල් ආයතන මගින් තම ඡංගම දුරකථන ඡාල VolTE තාක්ෂනය මගින් බල ගන්වනවා ඒ සදහා ERICSSON සහ HUAWEI තාක්ෂනය උපයෝගි කරගෙන ගන්නවා
DIALOG සමූහය විසින් මෙහෙයවනු ලබන 4G-LTE Networks විසින් VoLTE (Voice Over LTE) පහසුකම සක්‍රිය කර ඇති බව ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු DIALOG Axiata විසින් නිවේදනය කරලා තියනවා. DIALOG සමූහය FD-LTE තාක්ෂණය පදනම් කරගත් ජංගම 4G ජාලයක් ක්රියාත්මක කරන අතර TD-LTE පදනම් කරගත් ස්ථාවර 4G ජාලයක්ද ක්‍රියාත්මක කරනවා.
DIALOG සමාගම සිය 4G-LTE යටිතල පහසුකම් නවීකරණය කරමින් මාසයකට වැඩි කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු DIALOG Iconic අත්දැකීම් මධ්යස්ථානයේදී VoLTE සේවය අත්විඳීමට පාරිභෝගිකයින්ට ආරාධනා සහිතව නිවේදනය කලා. Dialog LTE Networks හරහා VoLTE පහසුකම සක්‍රිය කර තියනවා.කොහොම උනත් පාරිභෝගිකයන් හට VoLTE අත්දැකීමට හැකිවන පරිදි LTE දුරකථනය හෝ LTE CPE (පාරිභෝගික ආම්පන්න උපකරණ) අවශ්ය වෙනවා. ඉහළපෙළේ LTE ජංගම දුරකථන බහුතරය ඉදිරියට ගෙන යන VoLTE පහසුකම නිපදවන්න හිතනවා කියලා තමයි එයාලා කියන්නේ 😀😀😀😀
LTE air interface සඳහා 1Gbps වේගයකින් යුත් 4.5G සේවාවක්  නිරූපණය කිරීම කැපී පෙනනෙ අවස්තාව උනා. 2014 දී 4G LTE ජාලයන් ආරම්භ කිරීමත් සමග සමාගම 4G සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා 50Mbps දක්වා වේගයෙන් වේගවත් කිරීම සඳහා 50% ක ජනගහනයක් ආවරණය කර දුන්නා. ජනග්‍රහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ආවරනය කිරීමට 3G- HSPA  අඩිපාරම ආක්‍රමනශීලී ලෙස අනුගමනය කරමින් ඩයලොග් / මොබිටෙල්  4G LTE සේවාව නුදුරු අනාගතයේදී මෙරට ජනාවාස ප්‍රදේශ සඳහා අතිශය අධිවේගී බ්රෝඩ්බෑන්ඩ් ආවරණයක් ලබා දෙයි කියාලා අපි විශ්වාස කරමු.

( ගාස්තුත් අඩු කලානම් තමයි හොද ඉතින් 😂😂😂😂 )

මම හිතනවා ඔයාලට පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා 4G volLTE ගැන 
අඩුපාඩු ගොඩක් ඇති සමාවෙන්න ඒකට මේ වගේම අලුත් ලිපියකින් නැවත ඉක්මනින් හමු වෙමු 

❤❤❤❤ ලහිරු ශිවන්ත ❤❤❤❤

" කොපි කල හැක සම කල නොහැක "

Tuesday, April 3, 2018

මොකක්ද ඇත්තටම මේ VPN කියන්නේ තේරෙන සිංහලෙන්ම දැන ගමු

සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම ..... 😀😀😀

අදත් කියලා Tricks Hacker අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ පහු ගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කරපු VPN ගැන.

ඇත්තටම අපි අද  කියලා දෙන්න යන්නේ මේක මොකද්ද ?  මේකෙන් වෙන දේ මොකද්ද කියලා.
මුලින්ම බලමු VPN කියන්නෙ මොක්ද්ද කියලා.

Virtual Private Network කියන වචනයෙන් තමයි VPN කියන එක හැදිලා තියෙන්නෙ.මේකේ සිංහල තේරුම තමයි අතත්‍ය පුද්ගල ජාල කියන එක
කොහොම උනත් මේකේ අරමුණ තමයි අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන එක 😀😀😀😀

ඇත්තටම මේකෙන් වෙන්නෙ උඩ කියුවා වගේ ඉන්ටර්නෙට් එකට එන කෙනෙක්ට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීමයි.මේකෙන් අපිට වෙන ප්‍රයෝජන තමයි,
පුද්ගලයාහට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීම.
අදාල පුද්ගලයාගෙ අනන්‍යතාවය ආරක්ෂිත කිරීම
බොහෝ සයිබර් ප්‍රහාර වලින් සිදුවන හානිය මගහරවා ගැනීමට.

මේ VPN වල අවශයතාවය ගොඩක් දැනෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන් ආඥාදායකයින් ඉන්න රටවල සිටින ජනතාව දේශ ප්‍රේමින් තමන්ගෙ රටේ තත්වය ලෝකයාට කියන්නත් මේ VPN උදව් වෙනවා.
නොකියම බෑනෙ අපේ රටේ Freelancer ලා  තමන්ගෙ රට USA කියලා පෙන්නත් මේක භාවිතා කරනවා
ඒ වගේම තමන්ගෙ රටට ප්‍රදේශයට තහනම් කරපු වෙබ් අඩවි වලට යන්න,Youtube වැනි සයිට් වලතියෙන සමහර වීඩියෝස් බලන්නත් VPN පිහිට අවශය වෙනවා.

මේ සේවාව ලබාදෙන බොහෝ ආයතන තියෙනවා මම පහලින් දාන්නම් උදාහරණ.
OpenVPN,Hotspot Sheild,CyberGhost,Anonymous
වගේ ආයතන මෙම සේවාව ලබා දෙනවා.

VPN භාවිතා කරන්න අපිට ඕනවෙනවා අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුලුවන් උපකරණයක් සහ VPN සොෆ්ට්වෙයා එකක් සොෆ්ට්වෙයා කියුවෙ උඩ කිවුවා වගේ Hotspotshid වගේ එකක් උපකරණ කියුවෙ PC,Laptop,Smartphone වගේ ඒවට.ටයිප් කරලා අතත් රිදෙන හින්දා මම මේක මෙතනින් නවත්ත්න්ම්.

Sunday, October 1, 2017

Clap To Find You'r Phone TrickZ HackrZ

ඔන්න යාලුවනේ ගොඩක් කලෙකින් අලුත් Software එකක් 😁😁😁😁😁

වැඩි කතා නැතුව ටිකක් බලමු මෙකෙන් මොකක්ද වෙන්නෙ ?

අපි ගොඩක් වෙලාවට අපේ Phone එක Use කරන්නේ Silent කරලා මෙහෙම Use කරනකොට සමහර වෙලාවට Phone එක දාපු තැන අපිට අමතක වෙනවා 😂😂😂😂
හොයන්න හෙන ගෙමක් දෙන්න වෙනවා.එකට අපි පොඩි විසදුමක් හැදුවා මේ මෘදුකාංගය ඔයාගේ Phone එකට Install කරන්න ඕනේ.
අපිට Phone එක තිබුන තැන අමතක උනොත් ඔයාට තියෙන්නෙ අප්පුඩියක් ගහන්න විතරයි . අප්පුඩි සද්දයක් අහෙනකොට Phone එක Tone එකක් Play කරනවා ඔයාට ලේසියෙන්ම Phone එක තියන තැන හොයා ගන්න පුලුවන්

ගොඩක් අය මේ වගේ Software Use කරලා ඇති ඒත් ඒවා අතරින් අපේ Software එක හොද තැනක ඉන්නවා මේකෙ Sensitive එක ගොඩක් හොදට තියනවා මෙයාට ඉක්මනට අප්පුඩි සද්දයක් අදුර ගන්න පුලුවන් හැකියාව තියනවා. ඒ වගේම මේක 2MB වගේ කුඩා මෘදුකාංගයක් වීම තවත් එකක් තව ඔයාගේ Ram මතකයෙන් කුඩා ප්‍රමාණයක් විතරයි මෙයාට ඔනේ

ඔයාලත් අරගෙනම බලන්න

මෙතනින් ගන්න

"  කොපි කල හැක සම කල නොහැක "

Tuesday, September 12, 2017

Facebook Hacking වල ඇත්‍ත නැත්ත දැන ගමුද

Hi යාලුවනේ අදත් මම ඔයාලට අලුත් දෙයක් කියන්න යන්නේ Facebook Hacking 😂😂😂😂😂 ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද ? බැරිද ? කියලා අපි බලමුකෝ 😁😁😁

අපිට ගොඩක්ම ඇහිලා තියනවනේ මේ වගේ කියනවා

මචං මගේ FB account එක Hack උනා

උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා

මමත් කියලනම් තියනවා...... 😉😉😉😉

ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.
ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.... 😁😁😁😁

අනන් මනං පැත්තක තියලා කතාවට එමුකො අපි නැත්තන් මේක කියවන එකත් එපා වෙනවනේ ඔයාලට අද මම කියන්නම් තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියලා.එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා.

මම දන්න විදිහටනම් ලංකාවේ අයියලා ක්‍රම 3කට මේ වැඩේ කරනවා ( Hacking හරිද 😁😁😁 )

1. Phishing ( ෆිශින්ග් )

මේ ක්‍රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්‍රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page එක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක් එකත් පේන්නෙ හොදට බැලුවොත් තමයි මම කියලා දෙන්නම් මේක අදුරගන්න ක්‍රම 3ක්

1. Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එක www.facebook.com වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක් හරි  මෙන්න මේ වගේ

උදා:- www.facebooook.com
         www.facelink.hostfree.com
         www.fbtricks.site98.com

ඔන්න ඔය වගේ වෙනස්කම් තමයි 😂😂😂

2. URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියලා විතරයි මම මේ කියන්නෙ ගොඩක් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට ඔයාලට

3. ඔයා Original Facebook Page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු Facebook Page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා.
         මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති... 😂😂😂
කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න.

2. Keylogging ( කී ලොගින් )

මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා.

කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen  එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම මරු නේද 😂😂😂😂

ඒ නිසා මමනම් කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද  Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා.

Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න. 😉😉😉😉

මම කියන්නම් ඔයාලට දැනට ලංකාවේ ප්‍රසිද්ධ කීලොගර් ටිකක් මේවට අමතරව තව ගොඩක් තියනවා ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ නේද එහෙම තමයි අපි දන්නේ නැති ගොඩක් දේවල් තියනවානේ 😢😢😢😢

SpyAgent
KidLogger
Ardamax KeyLogger
Emmisary KeyLogger
Actual KeyLogger
Total Spy
All in One KeyLogger

මේ තියෙන්නේ ප්‍රසිද්ධ ටිකක් විතරයි යාලුවනේ....තව ගොඩක් තියනවා 😂😂😂😂

3. SideJacking ( සයිඩ් ජැකින් )

මේකත් ඔයාව Hack වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන් වෙයි 😁😁😁

Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking කියලා.

මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා අඩු පාඩුනම් ගොඩක් ඇති මේකේ එකට සමාවෙන්න ....

නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

ලහිරු ශිවන්ත

Sunday, September 10, 2017

මොකක්ද මේ 4K කියන්නේ

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් අලුත් දෙයක් කියන්නත් බැරි උනානේ ඔයාලට අද මම කියන්න යන්නේ 4K ගැන ඔයාලා සමහරවිට මේ ගැන දන්නවා ඇති.ඇත්තටම ඔයාල දන්නවා අද වෙනකොට විවිද Resolution  තියෙනවා.

මේ අතරින්
4K UHD කියන්නේ දැනට තියෙන Quality එකෙන් වැඩිම Resolution එක.
Display එකක මොකක් හරි Zoom කරාම ඒක අපැහැදිලි වෙනවා කියලා ඔයාලා දන්නවානේ. වෙලාවකට  කොටු කොටු තියෙනවා දැකලත් ඇති. අපිට display එකකින් දෙයක් පෙන්නේ ඒකෙ තියෙන Pixel කියන චූටිම චූටි පාට පාට Dots හින්දා. මේ dots එහෙට මෙහෙට වෙද්දි තමා අපිට display එකකින් දෙයක් පේන්නේ.

ඉතින් මේ Pixel ගාන වැඩියි කියන්නේ අපිට Display එකේ තියෙන සෑම දේ වගේම Photos, Videos එහෙමත් පේන Quality එක වැඩියි කියන එක.ඒ කියන්නෙ Zoom කරත් එහෙම මොකුත් අපැහැදිලි තතවයක් එන්නේ නෑ.... මාරයි නේ.... 😂😂😂😂😂😂

මේ  4K UHD වල Pixel ගැන කියනවනම් මේකෙ  දිග අතට Pixel 3840 ක් සහ අනික් අතට Pixel 2160 ක් එක්ක Pixel 8,294,400 ක් තරම් කුඩා කොටස් සහිත හිතාගන්න බැරි තරම් සුමට, පැහැදිලි Display Quality එකක් ලැබෙනවා කියන එක.

ඒ කියන්නේ තියෙන පින්තූරයක් කෑලි 8,294,400කට කපනවා කියල හිතන්කෝ.ඒත්  4K කියන්නේ ඒ හැම කෑල්ලක්ම Record කරගන්න පුළුවන් කියන එක. මම හිතනව ඔයාලටත් මේ 4K තාක්ෂණය ගැන පොඩි අවබෝධයක් දැන් ඇති කියලා එහෙනම් මේ වගේ අලුත් දෙයකින් තවත් දවසකින් හම්බෙමු.... 😁😁😁😁

Tuesday, August 29, 2017

Android වල සහ Iphone වල වෙනස

Android Vs IOS/Iphone

ලිපිය කොහෙන් පටන්ගන්නද කියලා තමා හිතාගන්න අමාරු. කමක් නෑ සොෆ්ට්වෙයා පැත්තෙන් පටන් ගමු.


අංක එකටම IOs කියන්නේ Unix කර්නල් එකෙන් දුවන OS එකක් නෙවේ. ඒක XNU Hybrid කර්නල් එකක්. ඇන්ඩ්රොයිඩ් Pure Linux කරනල් එකේ දුවන්නේ.
මේ හයිබ්රිඩ් කර්නල් එකේ විශේශත්වයක් තමා තනි සිස්ටම් ප්රොසෙස් වලට වෙන් වෙන්ව ක්රියාත්මක වෙන්න පුළුවන් වෙන එක. තනි ඇප් එකක් රන් කරන්න හොදයි. හැබැයි ඇප් කීපයක් රන් වෙනකොට ප්රොසෙස් අතර දත්ත හුවමාරුව ස්ලෝ වෙනවා.


IOS OS එක ලියලා තියෙන්නේ C,C++,Objective C, Swift පාවිච්චි කරලා.
Android ලියලා තියෙන්නේ C,C++, Java, .Net C# වලින්.
ගොඩාක් IOS Usersලා කියනවා Android ඇප්ස් ස්ලෝලු. ඒක හරි ඇති හැබැයි ඒ ඉතින් ඇන්ඩ්රොයිඩ් 4.4වලට කලින් ඒවට. මොකද ඒකාලේ පාවිච්චි කලේ Dalvik VM එක. ඒක JIT වර්ගේ කම්පයිලර් එකක්. (කෝඩ් එක මැශින් කෝඩ් එකට හරවන්නේ ඇප් එක දුවන කොට). හැබැයි දැන් තියෙන්නේ ART එක. ඒක AOT එකක්. ඒකෙන් වෙන්නේ ඉන්ස්ටෝල් වෙන වෙලාවෙම කම්පයිල් වෙනවා.
දැන් ඇන්ඩ්රොයිඩ් 7.1 වල ඉදන් අලුත්ම ART එකෙන් ඇප් ඉන්ස්ටෝල් වෙන්න යන වෙලාව කලින්ට වඩා 70% අඩු වෙලා. මොකද ඇප් එකේ බේසික් ටික කම්පයිල් උනාම ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට දෙනවා. පස්සේ අපි ෆෝන් එක පාවිච්චි නොකර ඉන්නකොට සම්පූර්ණ කම්පයිල් වීමක් වෙනවා.
ඒනිසා ඇන්ඩ්රොයිඩ් 5.0 වල ඉදන් අයි ඕඑස් යූසර්ලගේ කතාව වලංගු නෑ.
IOS ඇප් එකක් ලියල ඇප්ස්ටෝ දාන්න එක ඇප් එකකට සෑම වසරකම ඩොලර් 99ක් ගෙවන්න ඕන. හැබැයි ගූගල් ප්ලේ ස්ටෝ දාන්න ඩිවලොපර් එකවුන්ට් එකකට දෙන්න ඕන ඩොලර් 25යි. ආයේ තව සතයක්වත් ගෙවන්න ඕන නෑ. පේනව ඇතිනේ මොකෝ ඇප්ස්ටෝ එකේ ඇප් ගනන් කියලා.
අනික IOS ඇප් ඩිවලොප් කරන්න Mac එකක් තියෙන්නම ඕන. දළ වශයෙන් ගත්තම IOS ඇප් ඩිවලොප් කරන්න 1000$ ඕන. හැබැයි Android වලට ඕන 300$ @ Max. මොකද ඕනම PC එකකින් ඇප් ඩිවලොප් කරන්න පුළුවන්. අනික Android Studio එක ෆ්රී දෙන්නේ. (මුලු ස්ටුඩියෝවම 2GB)
ඊට පස්සේ බලමු UI නැත්තං අතුරුමුහුණත් ගැන. මේක ගැන IOS යූසර්ලා කියන්නේ ඇපල් වල තමා ලස්සනම එක තියෙන්නේ කියලා. හැබැයි එයාලට අමතකයි ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්නේ Material Design එක කියලා. ඒවගේම ඇපල් වල UI Rendering වෙන්නේ Cocoa වලින්. ඒකෙන් වෙන්නේ ඉදලා හිටලා UI Error එන එක. ඇන්ඩ්රොයිඩ් වල බොහෝවිට UI Rendering වෙන්නේ GPU එකෙන්. ඒනිසා CPU එක පාවිච්චි වෙන එක අඩුයි. ඒකෙන් වෙන්නේ පර්ෆෝමන්ස් ඉහල යන එක.
අනික Material Design එකට Guidelines දීලමයි තියෙන්නේ. හැබැයි IOS එකේ එහෙම දෙයක් නෑ.
ඊට පස්සේ ග්රැෆික් වලට ආවම IOS යූසර්ලගේ තර්කයක් තමා IOS ඉස්සරහින් කියලා. හැබැයි ඒකත් දැන් වලංගු නෑ. මොකද දැන් ඇන්ඩ්රොයිඩ් වල Graphics API එක Vulcan නිසා.
අයිඕඑස් වල තාම තියෙන්නේ එයාලගෙ කස්ටම බිල්ඩ් Metal API එක.
Metal ApI එකේ අව්ලක් තමා GPU හා CPU එකෙන් එකම මෙමරි පාට් එක ශෙයාකර ගැනීම. ෆ්රේම් රේට් ඩ්රොප් වෙන්න ප්රධානම හේතුවක් මේක.
Vulcan ගත්තම ඒකෙ තියෙනවා GPU Based Shader Compiling හා Shader Precompiling. ඉහල පර්ෆෝමන්ස් දෙන්න මේක හේතුවක්.
ඇපල් A10F වල Single Core CPU Performance ඉහල යවලා තියෙන්නේ මේ Metal ApI එකට ඕන නිසා. මොකද Metal වලට CPU Core එකයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Vulcan වලට පුළුවන් සියලු CPU Core සමව පාවිච්චි කරන්න. ඒනිසා එක කෝ එකක් මත බර පැටවීම අඩු වෙනවා. පර්ෆෝමන්ස් ඉහල යන්වා. FPS වැඩි වෙනවා.
IOS වලට රන් වෙන්න පුළුවන් ARM64 වල විතරයි. හැබැයි ඇන්ඩ්රොයිඩ් වලට ARM,ARM64,X86 වල රන් වෙන්නත් පුළුවන්.


ඊලඟට යමු කැමරාවට.


ඇපල් යූසර්ලගේ තර්කයක් තමා ඇපල් ෆෝන් වල කැමරාව ලෝකේ හොදම මොබයිල් කැමරාව කියන එක. හැබැයි මෙයාලාට අමතක වෙලා ඇපල් සමාගමෙන් එයාලගේ කැමරාව ගැන කියන්නේ ලෝකේ ජනප්රියම කැමරාව කියලා මිසක හොදම කැමරාව කියලා නෙවේ.
කිසිම Iphone එකක් DxoMark එකේ මුල් 10ට වත් නෑ.


දැන් බලමු Hardware පැත්ත.


ඇපල්ලගේ අලුත්ම SoC එක A10 Fusion.
මේක 4 Core CPU @ 2.3Ghz 16nm එකක්.
Ram එක 3GB. GPU එක 6 Core PowerVR GT7600P @ 900Mhz එකක්.
මේකට වඩා පවර් SoC ඕන තරං තියෙනව. මං තියන ජනප්රියම එක ගන්නම්.
Snapdragon 835.
මේක 8 Core CPU @ 2.4Ghz 10nm එකක්. GPU එක 256ALU Core Adreno 540 @ 750Mhz එකක්. රැම් එක 8GB එනවා උපරිම.
මොකක්ද මේ දෙකෙන් Processing Power වැඩි?
SD835 අනිවාර්යයෙන්ම.
(ඒවගේම ලගදිම එන Kirin 970 SoC එකේ එන්නේ Mali G72 Frosbite 32 Core GPU එකක්. (?).)
බැටරිය ගැන ඉතින් කියන්න දේකුත් නෑ. Iphone 7 එකෙ 2900mAH බැටරියක් එද්දි Huawei Mate 9 එකේ 4000mAH බැටරියක් එනවා.
අලුතෙන් ආපු Android Oreo එකේ තියෙනවා AB Partition OTA අප්ඩේට් සිස්ටම් එකක් හා ඔටෝමේටඩ් සිස්ටම් රිකවරියක්. (සෙකන්ඩරි රිකවරියක් නම් EMUI එක්ක ආවා කාලෙක ඉදන්). මේනිසා OTA Update කරප්ට් උනත් අව්ලක් නෑ.
සමහරු කියන කතාවක් තමා හොදම සිකුරිටි තියෙන්නේ IOS වල කියල. හැබැයි ඇත්තම කතාව IOS වල තියන සියලු සිකුරිටි ෆීචර් ඇන්ඩ්රොයිඩ් වලත් තියෙනව. ලෝකේ තියන හොදම සිකුරිටි ඕඑස් එක තමා CopperHead Os එක. ඒක ඇන්ඩ්රොයිඩ් ඕඑස් එකක්. ( https://copperhead.co/android/ ). ඒනිසා ඒකෙනුත් ඇන්ඩ්රොයිඩ් ඉස්සරහින්.

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤ ජංගම දුකථනයකට යොදා ගන්න ...