Thursday, April 9, 2020

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤

ජංගම දුකථනයකට යොදා ගන්න කොම්පියටර් මොලය කියලා කිව්වොත් මේකට ගොඩක් ගැලපෙනවා 😁😁 .
අපි හැමෝම SIM Card එක කියලා නම් දවසට , මාසෙට  කී පාරක්  විතර කියනවා ඇතිද ? ඒත් මේ ගැන හරි අවබොධයක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද සමහරු SIM කියන වචනේ තේරුමවත් දන්නේ නෑනේ 🤣 ඉතිං දන්න නොදන්න අයට දැනගන්න එකක් මේගැන කතා කරන්න හිතුනා. 


ඇත්තටම මොකක්ද මේ SIM Card එක. මේත ඇත්තටම ජංගම දුරකථනයක් තුල තිබෙන කුඩා පරිගණකයක් වගේ. SIM කියලා කෙටි වචනෙකින් කියවෙන්නේ Subscriber Identity Module කියන එකට. දැනට අපි අතර තිබෙන SIM වලට කිලෝබයිට් 16 සිට 64ක් දක්වා මතක ධාරිතාවයක් තිබෙනවා. මේ මතකය ඇතුලෙ දුරකථන අංක දෙසියකට ආසාන්න සංඛ්‍යාවක්, කෙටි පණුවුඩ, සහ තවත් තොතතුරු විශාල ප්‍රමාණයක් ඇතුලත් කර තබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කියන්නේ සිංදු එහෙම නෙමෙයි 🤣🤣🤣🤣


අපේ දුරකථන සම්බන්ධතායට අදාලා තොරතුරු, සහ සම්බන්ධතාවය භාවිත කරන්නා ගැන තොරතුරු මේකේ ඇතුලත් වෙනවා. අප භාවිත කරන දුරකථන පැජයෙහි තොරතුරු පවා ඇතුලත් වන්නේ සම් කාඩ් එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. සිම් එක ක්‍රියාත්මක කර තිබෙන විටදී එය තොතැනද තිබෙන්නෙ කියා සොයා ගැනීමට පුළුවන් වන්නේ මෙම සිම් එක නිසාය (LIA - Location Area Identify) යටතේදී මේ තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමණ්‍ය  සමබන්ධතාවක් අදාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සෙයා බැලිය යුතු නැහැ. කෂ්ණික දැන ගැනීමට පුළුවන්. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වෙනවා මම හිතනවා මෙහෙම කියනකොට ඔයාලට තේරෙනවා ඇති කියලා ගොඩක් සරලව මම ඔයාලට කියන්නේ 😯😯😯

සිම් කාඩ් පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI - International Mobile Subscriber Identity හෙවත් ඉමිසි අංකයයි. මෙම IMIS එක සෑම GSM  ඒ කියන්නේ Global System for Mobile communication වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය බලා ගන්න පුලුවන් ඔයාලට. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වෙනවා. ඒ වගේම මෙය අංක 15කින් යුතු අංකයක් වෙනවා.  මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Mico Chip එකක පුදුමයි නේද SIM එක පොඩි කියලා හිතුවට ලොකු දේවල් වෙනවා 😁
මේ මයික්‍රෝ චිප් එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ ලෝහ මය ස්පර්ශක වලින්. සිම් කාඩ් එකේ ඔයාලා දැකලා ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයට මය කොටස්. හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයක්. අප භාවිත කරන්න සම් පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත් යොදැගැනෙනවා. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත බැංකුව විසින් ඉලෙක්ට්‍රොනික පුරවැසි හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වලා දුන්නා. මෙකත් සාමාන්‍ය සිම් එකකට සමානයි මේක කියවන්න පුලුවන් PDA - Personal Digital Assistant උපාංගයට සහ පරිගණකයට විතරයි. මේ ක්‍රමය දැනට ලෝකය පුරම  භාවිතා කරනවා ආනාගතේ දවසක අපේ රටෙත් මෙය ක්‍රියාත්මක කරනවා දකින්න හැකිවේවි.දැනටමත් ලංකාවේ මේ තාක්ෂණය අත්හදා බලනවා දැන්නම් අතත් රිදෙනවා ටයිප් කරලා මම හිතනවා අදත් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා එහෙනම් තවත් දවසක මේ වගේම ලිපියකින් ඔයාලව හමුවන බලාපොරොත්තුවෙන් අදට ලිපිය අවසන් කරනවා 
       
❤❤❤


" කොපි කල හැක සම කල නොහැක "
ලහිරු ශිවන්ත 
 

Wednesday, April 8, 2020

ලංකාවට Internet ලැබෙනේ කොහොමද 😯😯😯

කොහොමද යාලුවනේ ඇදිරිනීති අස්සේ ගෙදරටම වෙලා එපා වෙලා තියෙන්නේ 😭😭 මොනවා කරන්නද ඉතින් මේ දවස්වල අපිට නැතුවම බැරි දෙයක් තමයි අන්තර්ජාලය ( INTERNET ) ගොඩක් යාලුවෝ හිතන් ඉන්නේ ලංකාවට මේ Internet ලබා දෙන්නේ චන්ද්‍රිකා ( satellite ) තාක්ෂණය හරහා කියලා ඒත් එහෙම නෙමෙයි මේ සේවාව අපිට ලැබෙන්නේ අපි අද බලමු කොහොමද ලංකාවේ අපිට Internet එකට සම්බන්ධ වෙන්න අවශ්‍යතාව ලබා දීලා තියෙන්නේ කියලා

මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් මේ සේවාව ලංකාවට ලාබා දෙන්නේ කිව්වොත් විශ්වාස කරන්නත් අමාරුයි නේද ? ඒත් දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ මේ Cable මගින් මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා අද 😁😁😁😁

❤ SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

❤ Copper Cables - තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.
ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.



❤ Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම් අතත් රිදෙනවා ටයිප් කරලා 🤣🤣🤣

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ කියලා හිතෙනවා ඇති ඔයාලට



හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක
Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

ඉතින් මම හිතනවා මෙකෙන් පොඩි හරි දැනුමක් ඔයාලට ලැබෙන්න ඇති කියලා ඉතින් ඔයාලා හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න සෞඛ්‍ය අංශ දෙන උපදෙස් හරියට පිලිපදින්න ඉක්මනටම කොරෝනා අවදානමක් මුලු ලෝකෙන්ම තුරන් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් නැවතත් මේ වගේ අලුත් ලිපියකින් ඔයාලව හමුවන බලාපොරොත්තුවෙන් අපි සමු ගන්නවා

" කොපි කල හැක සම කල නොහැක "
ලහිරු ශිවන්ත

Thursday, February 13, 2020

මොකක්ද මේ වැලන්ටයින් කියන්නේ 😯😯😯

දැන් පෙම්වතුන් සහ පෙම්වතියන් බලාගෙන ඉන්නේ පෙබරවාරි 14 වෙනකන් නේ .. එත් ඇත්තටම දන්නවද මේ දවසේ මොකක්ද වෙලා තියෙන්නේ කියල
වැලන්ටයින් දවස කියන්නේ ආදරවන්තයන්ගේ සාන්තුවරයා වන ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමාගේ දිනය


කතෝලික රදගුරු තුමෙක් වන වැලන්ටයින් තුමාගේ නම අනුසාරයෙන් මෙදිනට එම නම ලැබී ඇත.එවකට රෝමයේ ප්‍රධාන විනිසුරුවරයගේ අන්ධ දියනිය සුව කරමින් එම පවුලේ සියලු දෙනා ඇතුලුව 44 දෙනෙකු මෙතුමා විසින් කතෝලිකයක ආගමට බදවා ගත් අතර
වැලන්ටයින් නම් අයෙක් ක්‍රිස්තියානින්ට උදවු කිරීම හා යුද්ධය හේතුකොට ගනිමින් යුධ භටයන් ලෙස තරුණයින් හමුදාවට බදවා ගැනීම හේතුවෙන් තරුණ පිරිසට විවාහය සහ ආදරය තහනම් වචනයක් වුනු සමයක ආදරය කරන පිරිස විවාහ කරදීමට උපකාර කිරීමත් නිසා එවකට රෝමයේ රජ කළ ක්ලෝඩියස් ගොතිකස් රජුගේ උදහසට ලක්වීය. ක්ලෝඩියස් අධිරාජ්‍යයා මෙතුමාහට මාලිගාවට කැදවීමක් කර කතෝලික ඇදහීම අතහැරීම හෝ මරණය යන දෙකෙන් එකක් පිලිගන්නා ලෙස බල කෙරිනි.එතුමා කිසිවිටකවටත් කතෝලික ඇදහීම අත නොහරින බවට පොරොන්දු විනි.පසුව මෙම අධිරාජ්‍යයාගේ නියෝගය අනුව මුගුරු වලින් පහර දි හිස ගසා මරා දැමීමට නියම විනි.

එතුමානන්ගේ දේහය මිහිදන් කර ඇත්තේ පෙබරවාරි 14 දිනකය. මෙතුමාගේ හිස්කබල රෝමයේ cosmedin හි basilica of saint maria බැසිලිකාවේ තැන්පත් කොට ඇත.මෙතුමාගේ රුධීරය අයර්ලන්තයේ dublinහි තැන්පත් කොට ඇත. 1969 වසරේදී ඔහු සාන්තුවරයෙක් ලෙස නම් කොට ඇති අතර මෙම දිනයට සාමගාමීව ආදර වන්තයන්ගේ දිනය සමරනු ලබයි.~ ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින් මුනි තුමාගේ දිනය



“හැපි වැලන්ටයින්ස් ඩේ” කියා ගනිමින් අද බොහෝ දෙනා ආදරවන්තයින්ගේ දිනය සමරයි. නමුත් වර්තමාන සමාජය තුළ මෙම දිනය වාණිජමය ස්වරූපයක් ගනී. කෙසේ වෙතත් මෙහි ඉතිහාසය අද සමාජයට ඉතා වැදගත්ය.

ලහිරු ශිවන්ත 😁😁

Thursday, January 9, 2020

කොහොමද යාලුවනේ ටික දවසකට පස්සෙ පොඩි Free එකක් ලැබුනා. මේ දවස්වල සීග්‍රයෙන් Android Device වල පැතිරිලා යන Virus එකක් ගැන ඔයාලට අහන්න ලැබෙන්න ඇති කියලා මම හිතනවා අද අපි ඒ ගැන ටිකක් කතා කරමු

මොකක් ද මේ අලුත් Virus එක


මේකේ නමනම්  Double locker කියලා තමයි දැනට හොයාගෙන තියන තොරතුරු වල තියෙන්නේ ඒ වගේම මේ Virus එක Ransomware කියන Category එකට තමයි අයිති වෙන්නෙ 
මොකක්ද Virus මෙකෙන් වෙන්නේ කියලා සමහර යාලුවෝනම් දන්නවත් ඇති කියලා මම හිතනවා. සරලවම කිව්වොත් මේකෙන් අපේ Phone එකේ Data Cover කරනවා. එතකොට අපිට ඒ Data Access කරන්න බරි වෙනවා හැබැයි ඒ Data තිබ්බේ තැන් වලම තියෙනවා. තවත් සරලව කියනවානම් ඔයාගේ Phone එකේ තියන ඔයාගේ Photo / Video / Audio / Document වගේ දේවල් එයා Lock කරනවා අපිට ඒවා බලන්න බැරි වෙන්න  🙂🙂🙂
දැන් අපි බලමුකෝ කොහොම ද මේක අපේ Phone එකට එන්නේ කියලා. සරලවම කිව්ටවාත් අපි පාවිච්චි කරන නිත්‍යානුකූල නොවන (Mod App/ Crack Software) වගේ Play Store වල නැති දෙවල් වලින් තමයි ඔයා ඔයාගේ Phone එකට එන්නේ දැනට තියෙන තොරතුරු අනුව නම් Virus එක Adobe Flash Player Update එකක් වගේ තමයි එන්නේ 😯😯මේ වගේ Virus එකක් ඔයාගේ Phone එකේ Run  වෙන්න නම්  අනිවාර්යයෙන්ම අපේ permission එකක් ඕනේ කරනවා Permission Allow කරද්දි වෙනදට වඩා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා කියන්න ඔනේ මේ දවස්වල 😁😁😁
මේක අයින් කරන්නේ කියලාත් අපි ටිකක් බලමුකෝ 😁
මේ Hackers ලා Virus එක ඉවත් කරගන්න ඔයාගෙ මුදල් ඉල්ලනවා.ඒක ඔයාට ගෙවන්න වෙන්නේ Bit Coin කියන මුදල් එකකයෙන් කවුරුත් දන්නේ නැ මේ සල්ලි කාටද කොහෙටද යන්නේ කියලා.ඒ වගෙම මේක ගෙවන්න ඔයාට පැය 24 කාලයක් විතරයි ලැබෙන්නේ හේ..... 🤣🤣🤣 නැත්තන් සොරිම තමයි 

Web අඩවි තුලට පිවිසිමට අනිසි බියක් ඇති නොකර ගන්න එපා. කිසිම ඇප් එකක් Play Store එකෙන් හැර Update කරන්න එපා 
Crack / Paid App Free හොයන්න යන්නත් එපා ඔයාම Crack කර ගන්නවානම් අවුලක් නෑ ඉතින්  😁😁😁
අපිත් සල්ලි දීලා Software අරන් නෑනේ ඔකනේ අපිත් කරන්නේ 🤣🤣🤣🤣

ඉතින් මම හිතනවා ඔයාලා ටිකක් හරි මේ ගැන  දැනුවත් වෙන්න ඇති කියලා. තවත් දවසක මේ වගේ ලිපියකින් හමු වෙමු 😁😁😁😁

ලහිරු ශිවන්ත

" කොපි කල හැක සම කල නොහැක "

Saturday, December 21, 2019

මොකක්ද මේ volLTE කියන්නේ තේරෙන සිංහලෙන් ඉගෙන ගමු


හායි යාලුවනේ ඔයාලට අපිව මතක ඇති ගොඩක් කාලෙකින් ඔයාලට අලුත් ලිපියක් ගෙන්න බැරි උන එකට සමාවෙන්න. අපිටත් වැඩ තියනවානේ ඉතින් 😂😂😂😂

වැඩි කතා ඕනේ නෑ 4G අහලත් ඇති දන්නවත් ඇති දැනට පාවිච්චි කරනවත් ඇති ඔයාලා හිතයි මම 4G ගැන කතා කරනවා ඇති කියලා 😀😀 මම අද කියලා දෙන්නේ 4G තාක්ෂණයට සම්බන්ධ දෙයක් ගැන VolLTE ඔයගේ ස්මර්ට් ෆෝන් එකේ නොටිෆිකේෂන් බර් ඒකේ දැනටමත් VolLTE Icon එකක් පෙන්නවා ඇති

අපි බලමු 4G කියන්නේ මොකක්ද කියලා 

4G කියලා කෙටියෙන් හදුන්වලා තියෙන්නෙ "4 generation " හෙවත් සිව්වන පරම්පරාව කියන එකට. 4G තාක්ශනය මුලිනම පටන් අරගෙන තියෙන්නෙ යාලුවනේ  2009 වර්ෂයේ ස්වීඩනයේදි. සාමාන්‍යයෙන් දැනට ලෝකයේ පවතින වේගවත්ම 4G ජාලයේ 1GBs එකක පමන වේගයක් පවතින බව තමයි සදහන් වෙන්නෙ 😯😯😯 ෆට්ට නේ ❤❤❤❤

අපි දැන් කතාවට එමු මොකක්ද volLTE 4G අතර   තියන සම්බන්ධය කියලා සම්බන්ධයක් කිව්වට   Love Affair එකක් නෙමෙයි 😂😂😂

VolTE කියන්නේ කෙට් කරපු වචනයක් Voice Over LTE තමයි හරි වචනේ 😀 
4G LTE ජාලය හරහා ඉහළ ගුණාත්මක භාවයකින් හඬ සහ වීඩියෝ ඇමතුම් ලබා ගන්න මෙයාට පුලුවන්. ජංගම සහ ස්ථාවර රැහැන් රහිත ජාල සඳහා IP-පදනම් වූ හඬ සන්නිවේදනයන් සඳහා ඊළඟ පරම්පරාවේ(Next Generation) තාක්ෂණය මෙය කියලා හදුන්වන්නත් පුලුවන් ඉතින් 😂😂😂 තේරෙන්නේ නෑ නේද 😯😯
තවත් සරලව පැහැදිලි කරනවනම් ඔබ ඡංගම දුරකථනයෙ Data On කරගෙන ඉන්න වෙලාවක දුරකථනයට ඇමතුමක් එනවිට Data Off වෙනවා නේද 😠 😠 කොහොමද 2GB වගේ File එකක් Download කරන වෙලාවක Call එකක් ආවොත් අම්මා තාත්තවත් මතක් වෙයි 😂😂😂
VolTE පහසුකම ඇති විට ඡංගම දුරකථනයෙ Data On කරගෙන සිටින අවස්තාවක දුරකථනයට ඇමතුමක් එනවිට Data Off වෙන්නේ නෑ 😀😀😀 Voice සහ Data යන අවස්තා දෙක විසන්දි නොවි සමබරව පවත්වා ගන්න මෙයාට පුලුවන්. Voice අවස්තාව HD(High Definition) Call පහසුකමට සාමානකමක් දක්වනවා නමුත් VolTE තාක්ෂනය ඉන් ඔබ්බට ගිය තාක්ෂනයක් පෙන්නුම් කරනවා 😯😯
වර්තමානය වනවිට ලංකාවෙ අපටද VolTE අත්දැකිම විදගැනිමට හැකියාව පවතිනවා.ඵ් සදහා VolTE තාක්ෂනය ඇති ඡංගම දුරකථනයක් වෙන්න ඕනේ ඒකේ VolTE සක්‍රිය කර තිබීමත් අනිවාර්ය වෙනවා.
ලංකාවේ  ඩයලොග් මොබිටෙල් ආයතන මගින් තම ඡංගම දුරකථන ඡාල VolTE තාක්ෂනය මගින් බල ගන්වනවා ඒ සදහා ERICSSON සහ HUAWEI තාක්ෂනය උපයෝගි කරගෙන ගන්නවා
DIALOG සමූහය විසින් මෙහෙයවනු ලබන 4G-LTE Networks විසින් VoLTE (Voice Over LTE) පහසුකම සක්‍රිය කර ඇති බව ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම්කරු DIALOG Axiata විසින් නිවේදනය කරලා තියනවා. DIALOG සමූහය FD-LTE තාක්ෂණය පදනම් කරගත් ජංගම 4G ජාලයක් ක්රියාත්මක කරන අතර TD-LTE පදනම් කරගත් ස්ථාවර 4G ජාලයක්ද ක්‍රියාත්මක කරනවා.
DIALOG සමාගම සිය 4G-LTE යටිතල පහසුකම් නවීකරණය කරමින් මාසයකට වැඩි කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු DIALOG Iconic අත්දැකීම් මධ්යස්ථානයේදී VoLTE සේවය අත්විඳීමට පාරිභෝගිකයින්ට ආරාධනා සහිතව නිවේදනය කලා. Dialog LTE Networks හරහා VoLTE පහසුකම සක්‍රිය කර තියනවා.කොහොම උනත් පාරිභෝගිකයන් හට VoLTE අත්දැකීමට හැකිවන පරිදි LTE දුරකථනය හෝ LTE CPE (පාරිභෝගික ආම්පන්න උපකරණ) අවශ්ය වෙනවා. ඉහළපෙළේ LTE ජංගම දුරකථන බහුතරය ඉදිරියට ගෙන යන VoLTE පහසුකම නිපදවන්න හිතනවා කියලා තමයි එයාලා කියන්නේ 😀😀😀😀
LTE air interface සඳහා 1Gbps වේගයකින් යුත් 4.5G සේවාවක්  නිරූපණය කිරීම කැපී පෙනනෙ අවස්තාව උනා. 2014 දී 4G LTE ජාලයන් ආරම්භ කිරීමත් සමග සමාගම 4G සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා 50Mbps දක්වා වේගයෙන් වේගවත් කිරීම සඳහා 50% ක ජනගහනයක් ආවරණය කර දුන්නා. ජනග්‍රහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ආවරනය කිරීමට 3G- HSPA  අඩිපාරම ආක්‍රමනශීලී ලෙස අනුගමනය කරමින් ඩයලොග් / මොබිටෙල්  4G LTE සේවාව නුදුරු අනාගතයේදී මෙරට ජනාවාස ප්‍රදේශ සඳහා අතිශය අධිවේගී බ්රෝඩ්බෑන්ඩ් ආවරණයක් ලබා දෙයි කියාලා අපි විශ්වාස කරමු.

( ගාස්තුත් අඩු කලානම් තමයි හොද ඉතින් 😂😂😂😂 )

මම හිතනවා ඔයාලට පොඩි හරි අවබෝධයක් එන්න ඇති කියලා 4G volLTE ගැන 
අඩුපාඩු ගොඩක් ඇති සමාවෙන්න ඒකට මේ වගේම අලුත් ලිපියකින් නැවත ඉක්මනින් හමු වෙමු 

❤❤❤❤ ලහිරු ශිවන්ත ❤❤❤❤

" කොපි කල හැක සම කල නොහැක "

Tuesday, April 3, 2018

මොකක්ද ඇත්තටම මේ VPN කියන්නේ තේරෙන සිංහලෙන්ම දැන ගමු

සුභ දවසක් පතනවා ඔයාලා හැමෝටම ..... 😀😀😀

අදත් කියලා Tricks Hacker අපි ඔයාලට කියලා දෙන්න යන්නෙ පහු ගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා කරපු VPN ගැන.

ඇත්තටම අපි අද  කියලා දෙන්න යන්නේ මේක මොකද්ද ?  මේකෙන් වෙන දේ මොකද්ද කියලා.
මුලින්ම බලමු VPN කියන්නෙ මොක්ද්ද කියලා.

Virtual Private Network කියන වචනයෙන් තමයි VPN කියන එක හැදිලා තියෙන්නෙ.මේකේ සිංහල තේරුම තමයි අතත්‍ය පුද්ගල ජාල කියන එක
කොහොම උනත් මේකේ අරමුණ තමයි අන්තර්ජාලය හරහා දුරස්ථ ජාල වලට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදෙන එක 😀😀😀😀

ඇත්තටම මේකෙන් වෙන්නෙ උඩ කියුවා වගේ ඉන්ටර්නෙට් එකට එන කෙනෙක්ට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීමයි.මේකෙන් අපිට වෙන ප්‍රයෝජන තමයි,
පුද්ගලයාහට සුරක්ෂිත ප්‍රවේශයක් ලබාදීම.
අදාල පුද්ගලයාගෙ අනන්‍යතාවය ආරක්ෂිත කිරීම
බොහෝ සයිබර් ප්‍රහාර වලින් සිදුවන හානිය මගහරවා ගැනීමට.

මේ VPN වල අවශයතාවය ගොඩක් දැනෙන පිරිසක් ඉන්නවා විශේෂයෙන් ආඥාදායකයින් ඉන්න රටවල සිටින ජනතාව දේශ ප්‍රේමින් තමන්ගෙ රටේ තත්වය ලෝකයාට කියන්නත් මේ VPN උදව් වෙනවා.
නොකියම බෑනෙ අපේ රටේ Freelancer ලා  තමන්ගෙ රට USA කියලා පෙන්නත් මේක භාවිතා කරනවා
ඒ වගේම තමන්ගෙ රටට ප්‍රදේශයට තහනම් කරපු වෙබ් අඩවි වලට යන්න,Youtube වැනි සයිට් වලතියෙන සමහර වීඩියෝස් බලන්නත් VPN පිහිට අවශය වෙනවා.

මේ සේවාව ලබාදෙන බොහෝ ආයතන තියෙනවා මම පහලින් දාන්නම් උදාහරණ.
OpenVPN,Hotspot Sheild,CyberGhost,Anonymous
වගේ ආයතන මෙම සේවාව ලබා දෙනවා.

VPN භාවිතා කරන්න අපිට ඕනවෙනවා අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න පුලුවන් උපකරණයක් සහ VPN සොෆ්ට්වෙයා එකක් සොෆ්ට්වෙයා කියුවෙ උඩ කිවුවා වගේ Hotspotshid වගේ එකක් උපකරණ කියුවෙ PC,Laptop,Smartphone වගේ ඒවට.ටයිප් කරලා අතත් රිදෙන හින්දා මම මේක මෙතනින් නවත්ත්න්ම්.

Sunday, October 1, 2017

Clap To Find You'r Phone TrickZ HackrZ

ඔන්න යාලුවනේ ගොඩක් කලෙකින් අලුත් Software එකක් 😁😁😁😁😁

වැඩි කතා නැතුව ටිකක් බලමු මෙකෙන් මොකක්ද වෙන්නෙ ?

අපි ගොඩක් වෙලාවට අපේ Phone එක Use කරන්නේ Silent කරලා මෙහෙම Use කරනකොට සමහර වෙලාවට Phone එක දාපු තැන අපිට අමතක වෙනවා 😂😂😂😂
හොයන්න හෙන ගෙමක් දෙන්න වෙනවා.එකට අපි පොඩි විසදුමක් හැදුවා මේ මෘදුකාංගය ඔයාගේ Phone එකට Install කරන්න ඕනේ.
අපිට Phone එක තිබුන තැන අමතක උනොත් ඔයාට තියෙන්නෙ අප්පුඩියක් ගහන්න විතරයි . අප්පුඩි සද්දයක් අහෙනකොට Phone එක Tone එකක් Play කරනවා ඔයාට ලේසියෙන්ම Phone එක තියන තැන හොයා ගන්න පුලුවන්

ගොඩක් අය මේ වගේ Software Use කරලා ඇති ඒත් ඒවා අතරින් අපේ Software එක හොද තැනක ඉන්නවා මේකෙ Sensitive එක ගොඩක් හොදට තියනවා මෙයාට ඉක්මනට අප්පුඩි සද්දයක් අදුර ගන්න පුලුවන් හැකියාව තියනවා. ඒ වගේම මේක 2MB වගේ කුඩා මෘදුකාංගයක් වීම තවත් එකක් තව ඔයාගේ Ram මතකයෙන් කුඩා ප්‍රමාණයක් විතරයි මෙයාට ඔනේ

ඔයාලත් අරගෙනම බලන්න

මෙතනින් ගන්න

"  කොපි කල හැක සම කල නොහැක "

Tuesday, September 12, 2017

Facebook Hacking වල ඇත්‍ත නැත්ත දැන ගමුද

Hi යාලුවනේ අදත් මම ඔයාලට අලුත් දෙයක් කියන්න යන්නේ Facebook Hacking 😂😂😂😂😂 ඇත්තටම Facebook Hack කරන්න පුලුවන්ද ? බැරිද ? කියලා අපි බලමුකෝ 😁😁😁

අපිට ගොඩක්ම ඇහිලා තියනවනේ මේ වගේ කියනවා

මචං මගේ FB account එක Hack උනා

උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා

මමත් කියලනම් තියනවා...... 😉😉😉😉

ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.
ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.... 😁😁😁😁

අනන් මනං පැත්තක තියලා කතාවට එමුකො අපි නැත්තන් මේක කියවන එකත් එපා වෙනවනේ ඔයාලට අද මම කියන්නම් තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියලා.එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා.

මම දන්න විදිහටනම් ලංකාවේ අයියලා ක්‍රම 3කට මේ වැඩේ කරනවා ( Hacking හරිද 😁😁😁 )

1. Phishing ( ෆිශින්ග් )

මේ ක්‍රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්‍රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page එක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක් එකත් පේන්නෙ හොදට බැලුවොත් තමයි මම කියලා දෙන්නම් මේක අදුරගන්න ක්‍රම 3ක්

1. Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එක www.facebook.com වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක් හරි  මෙන්න මේ වගේ

උදා:- www.facebooook.com
         www.facelink.hostfree.com
         www.fbtricks.site98.com

ඔන්න ඔය වගේ වෙනස්කම් තමයි 😂😂😂

2. URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියලා විතරයි මම මේ කියන්නෙ ගොඩක් සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට ඔයාලට

3. ඔයා Original Facebook Page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු Facebook Page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා.
         මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති... 😂😂😂
කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්‍රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න.

2. Keylogging ( කී ලොගින් )

මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා.

කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen  එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම මරු නේද 😂😂😂😂

ඒ නිසා මමනම් කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද  Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා.

Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න. 😉😉😉😉

මම කියන්නම් ඔයාලට දැනට ලංකාවේ ප්‍රසිද්ධ කීලොගර් ටිකක් මේවට අමතරව තව ගොඩක් තියනවා ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ නේද එහෙම තමයි අපි දන්නේ නැති ගොඩක් දේවල් තියනවානේ 😢😢😢😢

SpyAgent
KidLogger
Ardamax KeyLogger
Emmisary KeyLogger
Actual KeyLogger
Total Spy
All in One KeyLogger

මේ තියෙන්නේ ප්‍රසිද්ධ ටිකක් විතරයි යාලුවනේ....තව ගොඩක් තියනවා 😂😂😂😂

3. SideJacking ( සයිඩ් ජැකින් )

මේකත් ඔයාව Hack වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන් වෙයි 😁😁😁

Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking කියලා.

මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා අඩු පාඩුනම් ගොඩක් ඇති මේකේ එකට සමාවෙන්න ....

නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු ! ! !

ලහිරු ශිවන්ත

Sunday, September 10, 2017

මොකක්ද මේ 4K කියන්නේ

කොහොමද යාලුවනේ ගොඩක් දවසකින් අලුත් දෙයක් කියන්නත් බැරි උනානේ ඔයාලට අද මම කියන්න යන්නේ 4K ගැන ඔයාලා සමහරවිට මේ ගැන දන්නවා ඇති.ඇත්තටම ඔයාල දන්නවා අද වෙනකොට විවිද Resolution  තියෙනවා.

මේ අතරින්
4K UHD කියන්නේ දැනට තියෙන Quality එකෙන් වැඩිම Resolution එක.
Display එකක මොකක් හරි Zoom කරාම ඒක අපැහැදිලි වෙනවා කියලා ඔයාලා දන්නවානේ. වෙලාවකට  කොටු කොටු තියෙනවා දැකලත් ඇති. අපිට display එකකින් දෙයක් පෙන්නේ ඒකෙ තියෙන Pixel කියන චූටිම චූටි පාට පාට Dots හින්දා. මේ dots එහෙට මෙහෙට වෙද්දි තමා අපිට display එකකින් දෙයක් පේන්නේ.

ඉතින් මේ Pixel ගාන වැඩියි කියන්නේ අපිට Display එකේ තියෙන සෑම දේ වගේම Photos, Videos එහෙමත් පේන Quality එක වැඩියි කියන එක.ඒ කියන්නෙ Zoom කරත් එහෙම මොකුත් අපැහැදිලි තතවයක් එන්නේ නෑ.... මාරයි නේ.... 😂😂😂😂😂😂

මේ  4K UHD වල Pixel ගැන කියනවනම් මේකෙ  දිග අතට Pixel 3840 ක් සහ අනික් අතට Pixel 2160 ක් එක්ක Pixel 8,294,400 ක් තරම් කුඩා කොටස් සහිත හිතාගන්න බැරි තරම් සුමට, පැහැදිලි Display Quality එකක් ලැබෙනවා කියන එක.

ඒ කියන්නේ තියෙන පින්තූරයක් කෑලි 8,294,400කට කපනවා කියල හිතන්කෝ.ඒත්  4K කියන්නේ ඒ හැම කෑල්ලක්ම Record කරගන්න පුළුවන් කියන එක. මම හිතනව ඔයාලටත් මේ 4K තාක්ෂණය ගැන පොඩි අවබෝධයක් දැන් ඇති කියලා එහෙනම් මේ වගේ අලුත් දෙයකින් තවත් දවසකින් හම්බෙමු.... 😁😁😁😁

Tuesday, August 29, 2017

Android වල සහ Iphone වල වෙනස

Android Vs IOS/Iphone

ලිපිය කොහෙන් පටන්ගන්නද කියලා තමා හිතාගන්න අමාරු. කමක් නෑ සොෆ්ට්වෙයා පැත්තෙන් පටන් ගමු.


අංක එකටම IOs කියන්නේ Unix කර්නල් එකෙන් දුවන OS එකක් නෙවේ. ඒක XNU Hybrid කර්නල් එකක්. ඇන්ඩ්රොයිඩ් Pure Linux කරනල් එකේ දුවන්නේ.
මේ හයිබ්රිඩ් කර්නල් එකේ විශේශත්වයක් තමා තනි සිස්ටම් ප්රොසෙස් වලට වෙන් වෙන්ව ක්රියාත්මක වෙන්න පුළුවන් වෙන එක. තනි ඇප් එකක් රන් කරන්න හොදයි. හැබැයි ඇප් කීපයක් රන් වෙනකොට ප්රොසෙස් අතර දත්ත හුවමාරුව ස්ලෝ වෙනවා.


IOS OS එක ලියලා තියෙන්නේ C,C++,Objective C, Swift පාවිච්චි කරලා.
Android ලියලා තියෙන්නේ C,C++, Java, .Net C# වලින්.
ගොඩාක් IOS Usersලා කියනවා Android ඇප්ස් ස්ලෝලු. ඒක හරි ඇති හැබැයි ඒ ඉතින් ඇන්ඩ්රොයිඩ් 4.4වලට කලින් ඒවට. මොකද ඒකාලේ පාවිච්චි කලේ Dalvik VM එක. ඒක JIT වර්ගේ කම්පයිලර් එකක්. (කෝඩ් එක මැශින් කෝඩ් එකට හරවන්නේ ඇප් එක දුවන කොට). හැබැයි දැන් තියෙන්නේ ART එක. ඒක AOT එකක්. ඒකෙන් වෙන්නේ ඉන්ස්ටෝල් වෙන වෙලාවෙම කම්පයිල් වෙනවා.
දැන් ඇන්ඩ්රොයිඩ් 7.1 වල ඉදන් අලුත්ම ART එකෙන් ඇප් ඉන්ස්ටෝල් වෙන්න යන වෙලාව කලින්ට වඩා 70% අඩු වෙලා. මොකද ඇප් එකේ බේසික් ටික කම්පයිල් උනාම ඇප් එක පාවිච්චි කරන්න පුළුවන් විදිහට දෙනවා. පස්සේ අපි ෆෝන් එක පාවිච්චි නොකර ඉන්නකොට සම්පූර්ණ කම්පයිල් වීමක් වෙනවා.
ඒනිසා ඇන්ඩ්රොයිඩ් 5.0 වල ඉදන් අයි ඕඑස් යූසර්ලගේ කතාව වලංගු නෑ.
IOS ඇප් එකක් ලියල ඇප්ස්ටෝ දාන්න එක ඇප් එකකට සෑම වසරකම ඩොලර් 99ක් ගෙවන්න ඕන. හැබැයි ගූගල් ප්ලේ ස්ටෝ දාන්න ඩිවලොපර් එකවුන්ට් එකකට දෙන්න ඕන ඩොලර් 25යි. ආයේ තව සතයක්වත් ගෙවන්න ඕන නෑ. පේනව ඇතිනේ මොකෝ ඇප්ස්ටෝ එකේ ඇප් ගනන් කියලා.
අනික IOS ඇප් ඩිවලොප් කරන්න Mac එකක් තියෙන්නම ඕන. දළ වශයෙන් ගත්තම IOS ඇප් ඩිවලොප් කරන්න 1000$ ඕන. හැබැයි Android වලට ඕන 300$ @ Max. මොකද ඕනම PC එකකින් ඇප් ඩිවලොප් කරන්න පුළුවන්. අනික Android Studio එක ෆ්රී දෙන්නේ. (මුලු ස්ටුඩියෝවම 2GB)
ඊට පස්සේ බලමු UI නැත්තං අතුරුමුහුණත් ගැන. මේක ගැන IOS යූසර්ලා කියන්නේ ඇපල් වල තමා ලස්සනම එක තියෙන්නේ කියලා. හැබැයි එයාලට අමතකයි ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්නේ Material Design එක කියලා. ඒවගේම ඇපල් වල UI Rendering වෙන්නේ Cocoa වලින්. ඒකෙන් වෙන්නේ ඉදලා හිටලා UI Error එන එක. ඇන්ඩ්රොයිඩ් වල බොහෝවිට UI Rendering වෙන්නේ GPU එකෙන්. ඒනිසා CPU එක පාවිච්චි වෙන එක අඩුයි. ඒකෙන් වෙන්නේ පර්ෆෝමන්ස් ඉහල යන එක.
අනික Material Design එකට Guidelines දීලමයි තියෙන්නේ. හැබැයි IOS එකේ එහෙම දෙයක් නෑ.
ඊට පස්සේ ග්රැෆික් වලට ආවම IOS යූසර්ලගේ තර්කයක් තමා IOS ඉස්සරහින් කියලා. හැබැයි ඒකත් දැන් වලංගු නෑ. මොකද දැන් ඇන්ඩ්රොයිඩ් වල Graphics API එක Vulcan නිසා.
අයිඕඑස් වල තාම තියෙන්නේ එයාලගෙ කස්ටම බිල්ඩ් Metal API එක.
Metal ApI එකේ අව්ලක් තමා GPU හා CPU එකෙන් එකම මෙමරි පාට් එක ශෙයාකර ගැනීම. ෆ්රේම් රේට් ඩ්රොප් වෙන්න ප්රධානම හේතුවක් මේක.
Vulcan ගත්තම ඒකෙ තියෙනවා GPU Based Shader Compiling හා Shader Precompiling. ඉහල පර්ෆෝමන්ස් දෙන්න මේක හේතුවක්.
ඇපල් A10F වල Single Core CPU Performance ඉහල යවලා තියෙන්නේ මේ Metal ApI එකට ඕන නිසා. මොකද Metal වලට CPU Core එකයි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි Vulcan වලට පුළුවන් සියලු CPU Core සමව පාවිච්චි කරන්න. ඒනිසා එක කෝ එකක් මත බර පැටවීම අඩු වෙනවා. පර්ෆෝමන්ස් ඉහල යන්වා. FPS වැඩි වෙනවා.
IOS වලට රන් වෙන්න පුළුවන් ARM64 වල විතරයි. හැබැයි ඇන්ඩ්රොයිඩ් වලට ARM,ARM64,X86 වල රන් වෙන්නත් පුළුවන්.


ඊලඟට යමු කැමරාවට.


ඇපල් යූසර්ලගේ තර්කයක් තමා ඇපල් ෆෝන් වල කැමරාව ලෝකේ හොදම මොබයිල් කැමරාව කියන එක. හැබැයි මෙයාලාට අමතක වෙලා ඇපල් සමාගමෙන් එයාලගේ කැමරාව ගැන කියන්නේ ලෝකේ ජනප්රියම කැමරාව කියලා මිසක හොදම කැමරාව කියලා නෙවේ.
කිසිම Iphone එකක් DxoMark එකේ මුල් 10ට වත් නෑ.


දැන් බලමු Hardware පැත්ත.


ඇපල්ලගේ අලුත්ම SoC එක A10 Fusion.
මේක 4 Core CPU @ 2.3Ghz 16nm එකක්.
Ram එක 3GB. GPU එක 6 Core PowerVR GT7600P @ 900Mhz එකක්.
මේකට වඩා පවර් SoC ඕන තරං තියෙනව. මං තියන ජනප්රියම එක ගන්නම්.
Snapdragon 835.
මේක 8 Core CPU @ 2.4Ghz 10nm එකක්. GPU එක 256ALU Core Adreno 540 @ 750Mhz එකක්. රැම් එක 8GB එනවා උපරිම.
මොකක්ද මේ දෙකෙන් Processing Power වැඩි?
SD835 අනිවාර්යයෙන්ම.
(ඒවගේම ලගදිම එන Kirin 970 SoC එකේ එන්නේ Mali G72 Frosbite 32 Core GPU එකක්. (?).)
බැටරිය ගැන ඉතින් කියන්න දේකුත් නෑ. Iphone 7 එකෙ 2900mAH බැටරියක් එද්දි Huawei Mate 9 එකේ 4000mAH බැටරියක් එනවා.
අලුතෙන් ආපු Android Oreo එකේ තියෙනවා AB Partition OTA අප්ඩේට් සිස්ටම් එකක් හා ඔටෝමේටඩ් සිස්ටම් රිකවරියක්. (සෙකන්ඩරි රිකවරියක් නම් EMUI එක්ක ආවා කාලෙක ඉදන්). මේනිසා OTA Update කරප්ට් උනත් අව්ලක් නෑ.
සමහරු කියන කතාවක් තමා හොදම සිකුරිටි තියෙන්නේ IOS වල කියල. හැබැයි ඇත්තම කතාව IOS වල තියන සියලු සිකුරිටි ෆීචර් ඇන්ඩ්රොයිඩ් වලත් තියෙනව. ලෝකේ තියන හොදම සිකුරිටි ඕඑස් එක තමා CopperHead Os එක. ඒක ඇන්ඩ්රොයිඩ් ඕඑස් එකක්. ( https://copperhead.co/android/ ). ඒනිසා ඒකෙනුත් ඇන්ඩ්රොයිඩ් ඉස්සරහින්.

Saturday, August 19, 2017

G.P.S කියන්නේ මොකක්ද සිංහලෙන් දැන ගමු

මොකක්ද මේ G.P.S කියන්නේ....... ???

දැන් හැම ෆෝන් එකකම තියෙනවා නේ මේක. ඉන්නතැන මැප් එකේ පෙන්නන්න නේ මේ තාක්ෂණය යොදාගන්නේ.

GPS ගැන කියන්න කලින් පොඩ්ඩක් කතා කරලා ඉමුකො.ගොඩක් කාලයක් මුකුත් ලියන්න වුණේ නම් නෑ. එක හේතුවක් තමයි මගෙ ෆොන් එක කැඩිල තිබුනේ. අනිත් කරුණ ඉතින් මම මේ හරි අමාරුවෙන් විස්තර හොයන් ලියන ඒවට ප්රතිචාර මදිකමඒ කෙසේ වෙතත් මේව ලියන එක මගේ දැණුමට හොඳයි කියන තැන ඉඳන් මම ලියනව. ලයික් නැතත් මට කමක් නෑ, මම ප්රයෝජනවත් පෝස්ට් එකක් ලිව්වා කියන ආත්ම තෘප්තිය මට තියෙනවා. මොකක්හරි ජරාවක් දාලා ලයික් හොයනවට වඩා මේකට ලැබෙන දෙක තුනත් ඇති..

Global Positioning Service කියන එක සිංහල වලට හැරෙව්වොත්, ඒක "ලෝක ව්යාප්ත ස්ථාන පිහිටුම් සේවාව" වගේ එකක්. Positioning කියන්නෙ නිකන් හරියට ස්ථානගත කරනවා වගේ එකක් නෙ. මේකෙන් කරන්නෙ චන්ද්රිකා තාක්ෂණය භාවිතා කරලා භූගෝලීය පිහිටීම් හොයාගන්න එක. (Geographical Location) අපි මේක ගැනවැඩි විස්තර කතා කරමු.
එහෙනම්. ඔයාලට පුදුම හිතෙන විස්තර ටිකක් තියෙනවා ඔන්න..GPS හොයාගත්ත රට තමා ඇමරිකාව. දැනට මේක පාලනය, නඩත්තුව සිදු කරන්නේ ඇමරිකානුගුවන් හමුදාවේ, අභ්යවකාශ අංශය විසින්. ඒක Air Force Space Command(AFSPC)කියලා හඳුන්වනවා. එතකොට ඔයාලා මේ GPS කියලා පාවිච්චි කරන්නේ ඇමරිකන් හමුදාවේ අයිටම් එකක්මරු නේද?.ඇමරිකන් කාරයෝ GPS ව්යාපෘතිය පටන් ගත්තේ 1973 දි ලු.

ඒ කාලේ තිබුණ පිහිටුම් සොයාගැනීමේ දුෂ්කරතා මඟහරවාගන්න පිළියමක් හොයන්න ගිහින් හොයාගත්ත දෙයක් තමා මේ GPS. ඉස්සර කාලේ සොල්දාදුවන් අතරමන් වෙලා එයාල ඉන්න තැන හොයාගන්න බැරුව අමු කට්ටක් කෑවා කියලා තමා ආරන්චි1960 ඉඳලම රහසිගත විදිහට හදපු ප්ලෑන් අනුව තමා මේක 1973 දි පටන් අරන් තියෙන්නෙ.1995 වෙද්දි චන්ද්රිකා 24 ක් ස්ථානගත කරලා මේ GPS සේවාව නිසි ආකාරවම ක්රියාතමක කරගෙන තියෙනවා.එච්චර කට්ටක් කාලා, කෝටි ගණන් වියදම් කරලා චන්ද්රිකා උඩ යවලා හදාගත්ත GPS තමා ඔයාලා මේ නොමිලේ යස අගේට පාවිච්චි කරන්නෙ.
(ඇමරිකන් කාරයා GPS යොදාගෙන කට්ටිය යන එන තැන් ගැන ඔත්තු බලනවා කියලත් ආරංචියිඒකට ඉතින් කවුදඉතින හැම වෙලේම GPS ඔන් කරන් ඉන්නෙ. ඕන වෙලාවට On කරගත්තම මදෑ.).

මේ GPS තාක්ෂණය ගොඩක් පාවිච්චි කරනවා හමුදාමය කටයුතු (Military) වලට. ඒ වගේම දැන් ගොඩක් සාමාන්ය ජනතාවත් පාරවල් හොයාගෙන ගමන් බිමන් යන්න මේ තාක්ෂණය පාවිච්චි කරනව. මොන කාලගුණ තත්වයක් තිබුණත්, GPS පාවිච්චි කරන්න පුළුවන්. කිසිම කාළගුණ තත්වයක් නිසා GPS සම්ප්රේෂණ තරංග වලට බාධාවක් නැහැ.

ලෝකේ කොහෙගියත් මේ GPS තාක්ෂණය ඔයාගේ ළඟ ඉන්නව. ඒ කියන්නෙ මේ තාක්ෂණය ක්රියාතමක වෙන්නේ චන්ද්රිකා මගින් නිසා, මුළු ලෝකෙම ආවරණය වෙන GPS ජාලයක් නිර්මාණය කරලා තියෙනවා. දැනට චන්ද්රිකා 31 ක් පමණ මේ GPS සේවාවන් සපයන්න අපි ඉන්න පෘථිවිය වටේ කැරකෙනව. ඔයා GPS ඔන් කරන හැම වෙලාවෙම ඔයාගෙ උදව්වට ඔය චන්ද්රිකා වලින් දහක් විතර එනව.ඒකත් මරු නේ? චන්ද්රිකා 4ක් තිබුණ නම් GPS Location එක බලාගන්න ඒ ප්රමාණවත්.ඇත්තටම මේ GPS තාක්ෂණය මගින් පෙන්නන්නෙ Phone එක තියෙන තැන නෙවෙයි, GPS Receiver එකක් තියෙන තැන. ෆෝන් එකේ වගේම කාර් වල, ටැබ් වල වගේ GPS යොදාගන්න හැම උපාංගයකම / උපකරණයකම GPS Receiver එකක් සවි කරලා තියෙනවා..

GPS සේවා සපයන්න මුලින්ම චන්ද්රිකවක් ගුවන් ගත කරලා තියෙන්නෙ 1978 පෙබරවාරි මාසෙ. මේ වෙද්දි චන්ද්රිකා 65 ක් පමණ අභ්යවකාශ ගත කරලා තියෙනවා මේ GPS සේවාව වෙනුවෙන්. දැනට පාවිච්චි වෙන චන්ද්රිකා 31 හැරුණම ඉතිරි ඒවා සමහර ඒවා තාක්ෂණික දෝෂ නිසා අතහැරදාලා වගේම චන්ද්රිකාවක දෝෂයක් මතු වුණාම ක්රියාතමක කරන්න පුළුවන් විදිහට Backup ලෙස තියාගෙන ඉන්නව. මේ චන්ද්රිකා අභ්යවකාශගත කරලා තියෙන්නෙ කිලෝමීටර් 20,180 ක් උසින්. ඔයා ෆෝන් එකේ GPS ඔන් කරාම ඔන්න ඔච්චර උසකින් ඉන්න චන්ද්රිකා එක්ක තමා සම්බන්ධ වෙන්නෙ.ඒකත්මාරයි.

එතකොට මොනාද මේ A-GPS?.මම දැකලා තියෙනවා සමහර අය A-GPS ගැන කතා වෙනවා. ඒ වගේම අහලා තියෙනවා ලංකාවට GPS නෑ, තියෙන්නෙ A-GPS කියලා. ඒවා අමූලික පචGPS කියන්නෙ මුළු ලෝකෙම ආවරණය කරපු සේවාවක්. එතකොට ලංකාව තියෙන්නෙ අඟහරු වලද කියන ගැටළුව එනවලංකාවටත් GPS තියෙනවා යාලුවනේ. යස අගේට තියෙනවා.

Assisted GPS එහෙම නැත්නම් A-GPS කියන්නෙ දුරකථන සඥ්ඥා කුළුණු සහ GPS තාක්ෂණය යන දෙකම උපයෝගී කරගෙන පිහිටුම සලකුණු කිරීම කියන එක.මේකෙන් කරන්නෙ GPS භාවිතය ඉක්මන් කරන එක මිසක් වෙන දෙයක් නම් නෙවෙයි.

සමහර අවස්ථා වල GPS සිග්නල් දුර්වල වීමක් වුණොත් අපේ පිහිටට මේ A-GPS තාක්ෂණය එනවා. A-GPS හරහා GPS ක්රියාතමක කරපු ගමන් මුලින්ම වෙන්නෙ සෙල් ෆෝන් ටවර් එක මඟින් පිහිටුම් ස්ථානය තීරණය කරන එක. එතකොට නිශ්චිත පිහිටුම කිලෝමිටර් ගාණක (1-3 ත් අතර වගේ ගාණක) අරයක් සහිත වෘත්තාකාර ප්රදේශයකට පටු කරනවා. මේ පිහිටුම නිශ්චිත නැහැ.

ඊළඟට වෙන්නෙ GPS තාක්ෂණය මගින් මේ කිලෝමීටර් ගාණක අරය සහිත වෘත්තය ඇතුළේ පරීක්ෂා කරලා හරි ස්ථානය හොයාගන්න එක. ඒක මුළු ලෝකයක් පීරනවට වඩා ලේසියි නෙ නේදතේරුණාද මන්දා. හරි ඒ කෙසේ වෙතත් A-GPS කියන්නෙ GPS වලට උදව් කරන කෙනෙක් විතරයි..

ඇමරිකාවේ GPS තාක්ෂණය ට අමතරව, තවත් මේ වගේ පද්ධති කීපයක් තියෙනවා. හැබැයි ඒවා GPS තරම් නම් සාර්ථක නෑ. ඇමරිකාව කරන ඔක්කොම කරන්න හදන රුසියාව GLONASS කියලා එකක් හදලා තියෙනවා. හැබැයි GPS වල වගේ හොඳ ආවරණයක් දෙන්න නම් තවමත් පුළුවන් වෙලා නෑ. එවගේම European Union Galileo positioning system කියලා එකකුත් සැලසුම් කරලා තියෙනවා. අපේ මේ කරුමක්කාර අසල්වැසි ඉන්දියන් කාරයොත් මොකක් ද මන්දා Indian Regional Navigation Satellite System කියලා හුචක්කුවක් අටවලා තියෙනවා. ඒ වගේම චීන්නුත් China's BeiDou Navigation Satellite System කියලා එකක් maintain කරනව. ජපන්නුත් Quasi-Zenith Satellite System කියලා එකක් කරනව. හැබැයි ඉතින් GPS තරම් නම් මොකවත් හොඳ නෑ, ඒ තරම් ලොකු කවරේජ් එකකුත් නෑ.

Saturday, June 24, 2017

රැන්සම්වෙයා

අපිට හැදෙන වෛරස වගේ ම පරිගණක වෛරසත් පුදුම විදිහට ලෙඩ ගෙන දෙනවා. පරිගණක වෛරස හැදෙන්නේ අපේ පරිගණකයට නමුත් එහි ඇති දත්තවලට හානි සිදුවීම නිසා නැවතත් එය අපිට ම හැදුනා වගේ ම තමයි. අපි මෙතෙක් කල් දත්ත මකා දමන, ඩිස්ක පුරවා දමන හෝ පරිගණකයේ වේගය අඩාල කරන වෛරස ගැන දැනගෙන හිටියත් ටිකක් අමුතු ආකාරයේ වෛරසයක් පිළිබඳ ප්රවෘත්ති ලොව පුරා පැතිර ගියේ වෛරසයක් විධියට ම යි. රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන මෙම වෛරසයේ ක්රමය අපේ පරිගණකයට ඇතුළු වී දත්ත ආවරණය කොට” එය විවෘත කරලීම සඳහා අපෙන් කප්පම් මුදලක් ඉල්ලීම යි. මෙය මීට පෙර ද සුළු වශයෙන් ක්රියාත්මක වුව ද ක්රියාකාරීත්වය දැන් දරුණු බව වැඩිවී කරළියට පැමිණ තිබෙනවා.
රැන්සම්වෙයා වර්ග දෙකක් තිබෙනවා. ඉන් ‘අගුළුලන’ වර්ගයේ ඒවායෙන් ඔබේ පරිගණකයගේ ඩෙස්ක්ටොප් එකට පිවිසීම වළක්වාලමින් එම අගුළ හැරීම සඳහා කප්පමක් ඉල්ලන අතර ඉන් අපගේ දත්තවලට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙකල ප්රචලිත වූ අනෙක් වර්ගයෙන් සිදු වන්නේ අපේ දත්ත භාවිත කළ නොහැකි ලෙස ගුප්ත කේතනය කරමින් එය හැරීම සඳහා මුර පදයක් වැනි රහස් යතුරක් ලබා ගැනීමට මුදල් ගෙවීමට සිදුවීම යි. ගුප්ත කේතනය කියන්නේ පරිගණක දත්ත තෙවන පාර්ශවයකට භාවිත කළ නොහැකි ආකාරයෙන් ආරක්ෂා කිරීම සඳහා වූ ක්රමවේදයක්. එහෙත් මේ වෛරසය එය අයුතු ආකාරයෙන් භාවිත කරමින් නිෂ්පාදකයාගේ මඩිය තර කර ගන්නට උපකාරී වෙනවා. පසුගිය වර්ෂවල බොරුවට ඔබේ දත්ත ගුප්ත කේතිත බව පවසමින් මුදල් ඉල්ලන වෛරස් මෘදුකාංග බිහි වුවත් මෙවර තිත්ත වශයෙන් ම ඇත්ත කියන මැරයෙක් ඇවිත්. WanaCrypt0r 2.0 ලෙස නම් කර ඇති මෙම වෛරසය මේ වන විටත් ලොව රටවල් 99කටත් වැඩි ප්රමාණයකට පැතිර තිබෙනවා. එමගින් වැසියන්ගේ දෛනික ජීවිතයට මෙන් ම ආයතනවල වැදගත් දත්ත සඳහා ද විශාල වශයෙන් හානි එල්ල වී තිබෙන්නේ දැරිය නොහැකි පාඩුවක් ලොව වටා ජනතාවට ලබා දෙමිනුයි.
ගුප්ත කේතිත දත්ත විකේතනය කිරීමට එය ගුප්ත කේතනය කිරීමට භාවිත කළ ඩිජිටල් යතුර හෙවත් මුර පදයක් වැනි වචන ඛණ්ඩය ම අවශ්ය වෙනවා.
ජුලියස් සීසර් රජ සමයේ ද යුද්ධ කටයුතුවලදී පණිවිඩ යැවීම සඳහා මේ ආකාරයේ ක්රම භාවිත වූ බව සඳහන්ය. පළමු සහ දෙවැනි ලෝක යුද්ධවලදී ද ගුප්ත කේතනය වැඩි වශයෙන්, දියුණු ක්රම හරහා භාවිත කර තිබෙනවා. නවීන ගුප්ත කේතන ක්රම හරහා කේතිත දත්තයක් අදාළ යතුර නොමැතිව විකේතනය කිරීමට ‘සුපිරි පරිගණක’ ලෙස හැඳින්වෙන බලවත් පරිගණකවලටත් වසර බිලියන 13ක් පමණ ගත වන බව පැවසෙනවා. මේ නිසා අයුතු ලෙස රැන්සම්වෙයා විසින් අපේ දත්ත ගුප්ත කේතනය කිරීම නැවත හරවා ගත නොහැකි ආකාරයෙන් ම ගැටලු මතු කරලනවා. රැන්සම්වෙයා එක කප්පම ඉල්ලන්නේ මෙම යතුර අප වෙත ලබාදීම සඳහා යි.
සාමාන්යයෙන් මෙවන් ප්රබල වෛරස කිසියම් පරිගණක ජාලයක්, ආයතනයක් ඉලක්ක කරගෙන වුවත් මෙය එලෙස සැකසූවක් නොවන නිසා ආසාදනය වන ඕනෑම පරිගණකයකට පිවිස එහි සියලු දත්ත භාවිත කළ නොහැකි ආකාරයට ගුප්ත කේතනය කරන්නට පුළුවන්. ඒ වගේ ම එහි නරක ම පැතිකඩ වන්නේ, රුපියල් හතලිස් පන්දහසක් පමණවූ ඔවුන් ඉල්ලා සිටින ගෙවීම සිදු කළ ද අපට එය විකේතනය කර ගැනීම සඳහා රහස් පදය ඔවුන් ලබා දේවිද යන්නයි. මන්ද, කප්පම්කරුවන් කිසිදාක අවංක නැහැ. ඊමේල් හරහා ලැබෙන නොදන්නා ලිපිවල ඇති ඇමුණුම් හෝ ලින්ක් හරහා ව්යාප්ත වන මෙම වෛරසයෙන් බේරීම සඳහා යාවත්කාලීන කළ ප්රතිවෛරස මෘදුකාංගයටත් වඩා ඔබ වෙතද ඒවා විවෘත නොකර සිටීමෙන් කළ යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා.
අන්තර්ජාලයෙන් කිසිවක් ඩවුන්ලෝඩ් කර විවෘත කිරීමේදී ඒ ඔබට අවශ්ය ම ගොනුවදැයි හොඳින් විමසිලිමත් විය යුතුයි. උදාහරණයක් වශයෙන් ඔබ ගීතයක් ඩවුන්ලෝඩ් කළ විට ඔබට ලැබී ඇත්තේ .mp3 වැනි ගීතමය ගොනුවක් වෙනුවට .exe ගොනුවක් නම් එය විවෘත නොකර ආරක්ෂා විය හැකියි. මෙහෙයුම් පද්ධතිය මෙන් ම ප්රතිවෛරස මෘදුකාංගය ද නිරන්තරව යාවත්කාලීන කරමින් තබා ගැනීමත් දන්නා කියන අය පමණක් එවන ගොනු පමණක් විවෘත කිරීමත් හරහා ඔබට ඕනෑම වෛරසයකින් බේරී සිටින්නට හැකියාව ලැබෙනවා.
මෙම රැන්සම්වෙයා හි ගෙවීම් සිදු කරන ලෙස පවසන්නේ බිට්කොයින් (Bitcoin) නමැති සේවාව හා එනමින් ම හැඳින්වෙන අන්තර්ජාල මුදල් ඒකකය හරහා යි. එම සේවාව ලොව කිසිදු බැංකුවක් සමඟ සබඳතා නොදක්වමින් ගනුදෙනුකරුවන්ගේ සහ ගනුදෙනුවල පූර්ණ රහසිගතභාවය ලබා දෙනවා. එය යහපත් කාර්යක් සඳහා භාවිත කළ හැකි වුවත් වැඩිපුරම ඉන් මුදල් සංසරණය වන්නේ අන්තර්ජාලයේ අඳුරු සහ ගුප්ත පැතිකඩ ලෙස හැඳින්වෙන ඩීප් වෙබ් අඩවි හරහායි. එහි සිදු වන ගනුදෙනුවල ආරක්ෂාව ද වැඩි අතර මුදල් විශුද්ධි කිරීම් සඳහා ද භාවිත වන බවට හෙළි වී තිබෙනවා. මේ නිසා රැන්සම්වෙයා භාවිත කරමින් මුදල් ලබන්නේ කවුරුන්ද යන්න සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබෙනවා.
මේ වන විටත්, මහා බ්රිතාන්යය ඇතුළුව එක්සත් රාජධානියේ සම්පූර්ණ ජාතික සෞඛ්ය සේවාව බිඳලන්නට WanaCrypt0r සමත් වුණා. රෝගී දත්ත පරිගණකගත කර ඇති නිසා වෛද්යවරුන්ට ඒවා දැන් භාවිත කිරීමට ඇති හැකියාව අහිමිව ඇති අතර ඔන්ලයින් චැනල් කිරීමේ සේවාව ඇතුළු වැදගත් සේවා බොහොමයක් බිඳ වැටී තිබෙනවා.
එසේ ම ස්පාඤ්ඤයේ ටෙලිෆොනිකා නම් දුරකතන සමාගම, ජර්මනියේ දුම්රිය සේවාව සහ රුසියාව පුරා ආයතන රැසකට මෙම කප්පම්කාර මෘදුකාංගය ඇතුළු වී දත්ත සිරකර තිබෙනවා. මෙම මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධති භාවිත කරන්නන්නට බලපාන එකක්. එනිසා වින්ඩෝස් XP වැනි පැරැණි මෙහෙයුම් පද්ධතිවලට රැන්සම්වෙයාවල බලපෑම වැඩි යි. සෑම මෙහෙයුම් පද්ධති නිෂ්පාදන සමාගමක් ම පාහේ තම නිෂ්පාදනවලට සහාය දක්වන කාල පරාසයක් තිබෙනවා. මයික්රොසොෆ්ට් සමාගම ද තම 2014දී වින්ඩෝස් XP සඳහා සහාය දැක්වීම නවතා දමා තිබූ අතර මේ වෛරස ආක්රමණයත් සමඟ ඉන් ආරක්ෂාවීමට XP සඳහා නව යාවත්කාලීනයක් ඔවුන් නිකුත් කිරීම ද අපූරු සිදුවීමක්.
අහඹු වශයෙන් හෝ රැන්සම්වෙයා එක දත්ත අගුළුලා ඔබ මුදල් ගෙවූ විට දත්ත නැවත ලබා දුන්නත් එය එතැනින් කෙළවර වන්නේ නැහැ. එය ඔබගේ ජාලයේ තිබෙන අනෙකුත් පරිගණකවලට ගමන් කරමින් ඒවායේ දත්ත අගුළු ලන්නටත්, පෙන් ඩ්රයිව්, සීඩී ආදිය හරහා ව්යාප්ත වෙමින් තව තවත් පරිගණක ආසාදනය කිරීම සහ කල් ගත වී නැවත ඔබේ පරිගණකය ම ආසාදනය කොට තව තවත් කප්පම් ඉල්ලීමට හැකියි. මේ නිසා යම් හෙයකින් හෝ ඔබේ පරිගණකය රැන්සම්වෙයා එකකින් ආසාදනය වුවහොත් හැකි ඉක්මණින් ජාල සබඳතාව ඉවත් කර කාර්යාලයේ ඇති අනිකුත් පරිගණක ආරක්ෂා කර දැමීමත්, රැන්සම්වෙයා එක පරිගණකයෙන් පූර්ණව ඉවත් කර ගැනීමටත් උත්සාහ කළ යුතුයි. මන්ද, කප්පම් ගෙවීමෙන් සිදු වන්නේ කප්පම්කරු දිරි ගැන්වීමක් මිස අන් යහපතක් නොවෙයි. කොහොම නමුත් එවැන්නකට මුහුණ පාන තෙක් කල් ගත නොකොට ආරක්ෂා වීම බෙහෙවින් වැදගත් වෙනවා. විශේෂයෙන් මෙය ඉලක්කගත වෛරසයක් නොවන නිසා ඕනෑම පරිගණකයක හෝ ජාලයක දත්ත ඒ හරහා අහිමි විය හැකියි.
ලොව වැඩිම පිරිසක් භාවිත කරන මෙහෙයුම් පද්ධතිය වශයෙන් වින්ඩෝස් භාවිත කිරීමේදී ලැබෙන පහසුකම් සහ මෘදුකාංග ප්රමාණය වැඩි වෙනවා වගේ ම ඊට ලැබෙන වෛරස ද ප්රමාණයෙන් බොහොම වැඩි නිසා අනාරක්ෂිත බව ද බොහොම වැඩියි. මේ නිසා උබුන්ටු, ෆෙඩෝරා වැනි ලිනක්ස් බෙදා හැරුම් භාවිතයට දැන් ලොව වැඩි අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් මිලදී නොගෙන භාවිත කරන වින්ඩෝස් හා අනෙකුත් මෘදුකාංගවල හොර කොපි ලංකාවේ බහුල නිසා ඉන් ඇති වන ‘ආරක්ෂණ සිදුරු’ හරහා රැන්සම්වෙයා රිංගා යමින් දත්ත ආසාදනයට ලක් කරනවා. ඒ නිසා වින්ඩෝස් මිලදී ගන්නට මුදල් නැත්නම් අඩු තරමේ ලිනක්ස් වැනි නොමිලේ ලබා දෙන මෙහෙයුම් පද්ධතියකට මාරු වෙන්නට කාලය එළැඹී ඇති බව මේ ලොවම හෙල්ලූ දැවෙන පැනය අපට සිහිපත් කොට දෙනවා.

මොකක්ද මේ සිම් එකක් කියන්නේ තේරෙන සිංහලෙන් 😁

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට අදත් කම්මැලි කමට මේ පැත්තට ආවා. අපි අද හැමෝම දන්න සිම් කාඩ් ( SIM  ) ගැන කතා කරමුකෝ ❤❤❤❤ ජංගම දුකථනයකට යොදා ගන්න ...